ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ ආර්ථික හා වෙළඳ සීමාවලට චීනයේ දැඩි විරෝධය!

Date:

කොළඹ LNW: මෑතකදී ඇමරිකාව හා යුරෝපා සංගමය චීනයට එරෙහිව නිකුත් කළ ආර්ථික හා වෙළඳ සීමා පැණවීමේ විධිවිධාන, ලෝක වෙළඳ සංවිධානයේ උපමාන උල්ලංඝනය කරන ඒකපාර්ශ්වික විධිවිධාන බව චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය ප්‍රකාශ කරනවා.

එම සංගමයේ උප සභාපති චාං ෂාඕගාං මහතා ඒ බව ප්‍රකාශ කළේ අද(28) රාජ්‍ය මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ විධිවිධානවලින්, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමය පිළිබඳ සහයෝගීතාවන්ට අහිතකර බලපෑම් එල්ල වන බවත් රටේ කාර්මික හා වාණිජ පර්ෂදය නියෝජනය කරමින් තම සංගමය හා චීන ජාත්‍යන්තර වාණිජ සංගමය ඊට දැඩි විරෝධතා පළ කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

වෙළඳපොලේ ආර්ථික ‍රෙගුලාසීන් හා සාධාරණ තරගකාරී මූලධර්මයට ගරු කරමින් සිය වරද කඩිනමින් නිවැරදි කර ප්‍රායෝගිකව ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා බහුපාර්ශ්වික වෙළඳාම ආරක්ෂා කරන ලෙස එහිදී ඇමරිකාවෙන් හා යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම සාකච්ඡා හා සංවාද මාර්ගයෙන් ගැටළු විසඳා ගෙන පොදු ප්‍රතිලාභ හා පොදු ජයග්‍රහණ තහවුරු කර ගනිමින් ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...