මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බව එම ගැසට්ටුවේ සඳහන්.

එසේම නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ මත්පැන් බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවත් එම ගැසට්ටුවෙන් දැක්වේ. මෙය මීට පෙර නොතිබූ නීතියකි.

එමෙන්ම නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇතිවිට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බවත් එහි සඳහන් කර ඇත. මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් විය.

මෙම සංශෝධන සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයක් ද පැවති අතර එහිදී ප්‍රකාශයට පත් කෙරුණු මෙම කොන්දේසි වලට සිය දැඩි විරෝධය පළකරන බව කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. ඔවුන් පෙන්වා දී තිබුණේ මෙම කොන්දේසි අනුව කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසී ගොස් මහා පරිමාණ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ ඒකාධිකාරියක් බිහිවනු ඇති බවකි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...