කෝටි 18කට අධික හෂිෂ් තොගයක් සමඟ කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:රුපියල් දහඅට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපළේ හරිත මාවත ඔස්සේ පිටව යාමට උත්සාහ කළ 21 හැවිරිදි කැනඩා ජාතිකයා අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකි වී තිබෙන අතර ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇති බව සඳහන්.

සැකකරු ඇසුරුම් 72ක් ලෙස සකස් කළ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 18 ග්‍රෑම් 253ක ප්‍රමාණයක් රැගෙනවිත් ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කැනඩා ජාතිකයා හා මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට පියවර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...