අයිසීසී දායකත්වයෙන් හැඩ වුණ කාන්තා ක්‍රිකට් සතිය

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 28,  කොළඹ LNW:

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සමගාමීව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා අයිසීසීහි අඛණ්ඩ කැපවීමේ කොටසක් ලෙස එහි උප‍දෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ‘කාන්තා ක්‍රිකට් සතිය‘ සාර්ථකව අවසන් විය.


මෙම වැඩ සටහනට දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් දිස්ත්‍රික් සංචිතවල සිටින ක්‍රීඩිකාවෝ එක්ව සිටියහ.
උතුරු පළාත කේන්ද්‍රකොට යාපනය දිස්ත්‍රික්කයේ, මධ්‍යම පළාත කේන්ද්‍රකොට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී, දකුණු පළාත නි‍යොජනය කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ, බස්නාහිර පළාත නියෝජනය කරමින් කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හා දඹුල්ල අවට පළාත් නියෝජනය කරමින් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාන්තා ක්‍රිකට් සතිය ක්‍රියාවට නැංවිණි.

ලොව පුරා ටෙස්ට් පූර්ණ සාමාජික රටවල් හා අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් එක්ව පසුගිය 16 සිට 22 දක්වා මෙම කාන්තා ක්‍රිකට් සතිය පැවැත්වූ අතර, දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඉතා උනන්දුවෙන් ඒ සදහා එක්ව සිටියහ. පළාත් පුහුණුකරුවන්ගේ හා දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ මෙම කාන්තා ක්‍රිකට් සතියේදී පුහුණු කටයුතු යාවත්කාලීන කරමින් ඔවුන්ට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නිසි ගමන් මඟ පෙන්වා දුන්හ.

මෙම කාන්තා ක්‍රිකට් සතිය වැඩසටහනට එක්වූ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින විවිධ පළාත්වල ක්‍රීඩිකාවන්ට අයිසීසීය මඟින් ටීෂර්ට්, කැප් තොප්පි වැනි ඇඳුම් ආයිත්තම් ලබාදී ඉතා ක්‍රමානුකූල අලංකාර පෙළ ගැස්මක් සකසා තිබීම කැපී පෙණුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...