සංජය මහවත්තට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් !

Date:

සිවිල් ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්තට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, වැඩබලන දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංජය මහවත්තට එරෙහිව ගොනුකරන ලද නඩුවක් ඊයේ (27) එම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒ මහතාගේ නීතීඥයින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.

ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල මහතාට සෘජුව හෝ වක්‍රව අපහාස වන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශ කිසිදු මාධ්‍යයක සිදු කිරීම හෝ පළකිරීම ඇතුළු කුමනාකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදුකිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

මෙහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් නීතිඥ පී. එස්. මධුෂානිගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග නීතිඥ චෙරාග් නිල්ගිරිය, නීතිඥ ලලිත් පියුම් පෙරේරා සහ නීතිඥ අසංක ජයරත්න යන නීතීඥවරුන් පෙනී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...