සංජය මහවත්තට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් !

Date:

සිවිල් ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්තට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, වැඩබලන දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංජය මහවත්තට එරෙහිව ගොනුකරන ලද නඩුවක් ඊයේ (27) එම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒ මහතාගේ නීතීඥයින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.

ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල මහතාට සෘජුව හෝ වක්‍රව අපහාස වන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශ කිසිදු මාධ්‍යයක සිදු කිරීම හෝ පළකිරීම ඇතුළු කුමනාකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදුකිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

මෙහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් නීතිඥ පී. එස්. මධුෂානිගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග නීතිඥ චෙරාග් නිල්ගිරිය, නීතිඥ ලලිත් පියුම් පෙරේරා සහ නීතිඥ අසංක ජයරත්න යන නීතීඥවරුන් පෙනී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...