රටක් නොදැන සිටි සෆියා වටා කැරකෙන රටක්

0
216

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 28,  කොළඹ LNW:

සෆියා යමික් එක් වරම මුළු රටේම මාතෘකාව වී ඇත.මෙවැනි අවස්ථාවක ක්‍රීඩා ඇමතිවරු කරනම දේ වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ද සිඳු කරමින් සාෆියාට මෙන්ම අනෙකුත් ජයග්‍රාහකයන්ටද සුබ පතන්න වේලාව නොබලා ගුවන් තොටුපළට ගොස් තිබිණ.අප එය වරදක් හැටියට නොදකිමු.එහෙත් අප කතා කළ අත්දැකීම් සමඟ මුසු වූ විට වෙනත් අදහසක් එන්නේය.


මේ 2016 වසරය.දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිය.දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවත්වෙන්නේ ගුවහති සහ සිලෝන් යන නගර කේන්ද්‍රීයවය.ආසියාතිකවත්,විශේෂයෙන් දකුණු ආසියාව ගත් විටත් දේශපාලකයා සාමාන්‍ය පුද්ගලයාට වඩා දැවන්ත ප්‍රභූවරයෙකි.රටට ගෞරවය ගෙනෙන ක්‍රීඩකයාත් මේ දැවන්ත චරිතයේ ආදරය කරුණාය ආශිර්වාදය ඉහළින් අපේක්ෂා කරන්නේය.දයාසිරි මේ දේ ගුවහටි සහ සිලෝන් අතර සැරි සරමින් ඉටු කළේය.ඒ ගැන ක්‍රීඩකයෝ කීව වචනවලින්ම ගත් විට පට්ටය.මේ ක්‍රීඩකයන්ට පට්ට වූ වැඩේ ගැන ක්‍රීඩකයෝ කතා කරද්දී සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යතුමාද මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස එහි සිටියේය.


එහෙම වැඩකට ක්‍රීඩකයන් යන විට යන්න නොහැකිය.අමාත්‍යංශය වීසා ප්‍රශ්නයේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ගිල්වා දැම්මේය.ඒ නිසා ගියේ කාණ්ඩ කිහිපයකටය.එහෙත් ඔවුන් නවාතැන් ගෙන සිටින තැනකට ගොස් අඩු පාඩු සොයා බලා ඔවුන්ට සුබ පැතුවානම් ඒක මාර මොරාල් එකක්ය.දැන් ඉතිං පාරෙ තොටේ දකින දකින මිනිසා ද මේ ජයග්‍රාහකයින්ට සුබ පතන බව ඇත්තය.සිප ගැනීම් අතට අත දීම් එක පොකුරට සිඳු වනු ඇත.


තවත් අතකින් මේ ආකාරයට පිටත්ව යන විට සුබ නොපතන්න එච්චර අවධානයක් හිමි නොවන්නේ හරියටස සහභාගි වන අයගේ දත්ත සහ හැකියාවන් අමාත්‍යවරයා අත නැති බැවින්ය. කිසිම පදක්කමක් නැතුව අවොත්…? ඒ ගැටළුව ද ඇත.එහෙත් රටේ ක්‍රීඩකයා පදක්කම් නැතුව හරි ඇතුව හරි රටේ ඇමතිවරයාට වටිනා බව තහවුරු කරන්නේනම් එය ක්‍රීඩකයාගේ මනසට විශාල හයියකි.මේ මොහොතේ වීසා පමාව නිසා තරගයට සහභාගි නොවී ලංකාවේ නැවතුණ චාමිනි හේරත් ට කතා කර සොරි කියා අමාත්‍යවරයා ඒ ගැන පරීක්ෂණයක් කරන බව කියන්නේනම් එය ද අලුත් වැදගත් දේශපාලනික ආරක්ෂාවක් පිළිබඳ ක්‍රීඩාවට දනවන හැසිරීමක් වනු ඇත.
අමාත්‍යවරයා පිළිගන්න ගියාට වරදක් නොකියන බව යළි යළිත් සිහිපත් කළ යුතුමය.එහෙත් යන්නට පෙර වැඩක් කර තිබුණානම් සමහර විට දශමෙන් ගැස්සුණ පදක්කම් එන්නත් තිබිණ.එච්චර හයියක් ඇමතිවරයෙකු සමීපව සුබ පතද්දි දිරිය දෙද්දී ක්‍රීඩකයින් තුළ ඇති කරන එක, දකුණු ආසියානු දේශපාලනයේ ඇත්තය.


දැන් අපි සාෆියා යාමික් දෙසට හැරෙමු.ඒක අපූරු මාතෘකාවක් වී ඇත්තේ බොහෝ විට සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් අධිපතිවාදයක් ඉල්ලු අයටය.සමහර ඉස්ලාම් ධර්මය අදහන අය සාෆියා කියන පල්ලියෙන් බලපෑමක් ඇති බව කියන කතාව වෙනස් කර පල්ලිය ඊට උපකාර කළ බව කියයි.ඒක ඇත්තනම් හොඳම පිරිසි වන්නේ ඒ පල්ලිය වටා සිටින පිරිසය.


පල්ලියෙන් සෆියාට එන බලපෑම වගේම බොදු බල,මහසෝන් වැනි විවිධ නම් සහිත සිංහල බෞද්ධ සංවිධාන සිංහල බෞද්ධයන්ට මෙන්ම වෙනත් ජාතීන් සහ ආගම් අදහන මිනිස්සු මත පටවන බර ද සාෆියාට පල්ලියෙන් බලපෑමක් ආවානම් ඊට සමානය.ආගම්වාදී වීම නොදියුණුකමේ ලක්ෂණයක්ය.ඒවා දියුණු දේශපාලන දැක්මක් ඇති අය නොපිළිගත්ත ද,ජනතාවට ඒත්තු කර නිවැරදි තැනට රැඟෙන ඒමට වඩා ජනාවගේ ඡන්ද සම්මා ගැනිම පහසු නිසා ඔවුන් ජනතාවගේ තැනට වැටී දේශපාලනය කිරීම ශ්‍රී ලංකාව වැනි රටක ස්ළුභාවය වන්නේය.


මේක දැන අපූරුවට වැඩ ගන්නා රටක් හැටියට ඉන්දියාව හැඳින්විය හැකිය.දැඩි හින්දු මතධාරී බව හින්දුන්ගේ ඡන්දවලට පෙන්නුවද ආගමික සත්වයා වන ගව මස් අපනයනයේ ලොව දෙවැනි තැන ඉන්දියාව අහිමි කර ගන්නේ නැත.එසේම නව ලෝකය සමඟ ඉන්දියාව ක්‍රීඩා ඇඳුම වෙනස් කර ඇත.කාන්තා ක්‍රීඩිකාවන් දැන් ඉතා කෙටි ඇඳුම් අදින්නේය.ලංකාව සාෆියා කෙටි කළිසම ඇඳ තරග කිරීම ගැන සතුටු වුණාට ඇතැම් ක්‍රීඩිකාවන්ට කෙටි ඇඳුම ඇද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ තරග කරන්න දුන්නේ නැත.ඒ මේ රටේ ක්‍රීඩාව උගන්වන ගුරුවරු නිලධාරි හැටියට වැඩ කරන උළෙලක තත්ත්වයය.එහෙම ගුරුන්ගෙන් ඉගෙන ගන්නා බහුභූත සමඟ වැඩ කෙරෙන ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා කේෂ්ත්‍රයක් ගැන නොදැන මේ වන විට සෆියාගේ කොට කළිසම වනන හැටි ඛේදවාචකයක්ය.


මේ ඇඳුම ගැන වන බලපෑම ගැන තදින් කතා බහ වන වපසරියක සාෆියා ඇන්දේ ක්‍රීඩාවට ගැලපෙන සේ ක්‍රීඩා ඇඳුමය.සාෆියා ඉස්ලාම් සංස්කෘතියට අනුව කැමතිනම් ඇයට අන් තැන්වල දී බුර්කාවෙන් වැසී ඉන්නට ඉඩ තිබිය යුතුය.එයටද අකමැතිනම් ඇයට ඇයගේ නිදහස දිය යුතුය.කතාව සරලව ඔච්චරය.වෘත්තියක් කරද්දීද ජාතිය හෝ ආගම පනවන සීමාවන් නිල ඇඳුම් ආදියට ගාවා නොගත යුතුය.කාටත් සුදුසු සියලු ආකාරයේ සංස්කෘතින්ට අනුගත වූ ඇඳුමක් සකස් කරනවා මිස එකිනෙකාගේ ආගම් අනුව,ජාතිව අනුව නිශ්චිත නිල ඇඳුමට කෑල් අඩු කරන්නට හෝ වැඩි කරන්නට ඉඩ දීම නොකළ යුතුය.හැබැයි ඒ නිල ඇඳුම රාජකාරී ස්ථානයට අන්වාර්ය කරනවා මිස ජාතිත්වය අනුව භාහිරව ඇඳුමෙන් පැළදුමෙන් සැරසෙන්නට ඇති අයිතිය උඳුරා නොගත යුතුය.


ක්‍රීඩා ඇඳුම වැදගත් සාධකයක්ය.ඇතැම් මැද පෙරදිග දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවේදී පැළඳ සිටින ඇඳුම එම ක්‍රීඩාවේ ජයග්‍රහණයට බාධාවක් නොවූ බව කෙනෙකුට එම ජයග්‍රහණයක් උදාහරණයට ගෙන කිව හැකිය.එහෙත් ඇත්ත ජයග්‍රහණයේ ප්‍රමාණය තව පොහොසත් කර ගැනීමට ඒ ඇඳුම බාධාවක් බව තේරුම් ගැනීමය.ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් සඳහා යෝජනා කළ ක්‍රීඩිකාවක් කෙටි ඇඳුමක් අඳින්නට වෙනු ඇති බව කියා එය ප්‍රතික්ෂේප කළේය.එවිට මා කිව් දේ නම් ඔයාගෙ කකුල බලන්න නෙමෙයි මිනිස්සු එන්නෙ යනුවෙන්ය.එහෙත් ඇය ක්‍රීඩා කළේ නැත.තවම ලංකාවේ කිසිවෙකුත් බීච් වොලිබෝලයට අඳින ඇඳුම ඇඳ ක්‍රීඩා කරන්නේ නැත.මේවා වෙනස් කර සහ වෙනස් විය යුතු දේ ය.


සාෆියාගේ ඇදුම කෙටි වීම ගැන සතුටු වෙන පිරිස් ලංකාවේ කෙල්ලන් වෙරළේ බිකිනිය ඇඳගෙන ක්‍රීඩා නොකර කෙටි කළිසම පමණක් ඇදීම ගැන ද සමහර විට සංස්කෘතිය රකින ක්‍රීඩිකාවන් ලෙස අගය කරන්නට හැකිය.වැදගත්ම දේ ක්‍රීඩාව හෝ වෘත්තිය පාදක කරගෙන සුදුසුම සහ පහසුම ඇඳුම තෝරා ගැනීමට ආගම් හෝ ජාතිය හෝ වෙනත් සංස්කෘතික පදනම් හේතු කර නොගැනීමය.
මේවා අතර මිනිස්සුන්ගේ පරස්පරතා ඇත්තේ එකිනෙකා අතර නොවේය.තමන් තුළමත් ඒවා තිබිය

හැකිය.උදාහරණයකට පාසල් මලල ක්‍රීඩාව සමබන්ධ ව්‍යාපෘති නිලධාරිණිය ශ්‍රීයාණිය.දැන් පෙනෙන හැටියට ක්‍රීඩා අමාත්‍යවරයාට ඇය මීට පෙර සිටිය ඇමතිවරුන්ට වගේම සමීපය.සමහර විට නියෝජ්‍ය අමාත්‍ය සුගත්ටත් වඩා වුව ද විශ්වාසවන්ත වන්නට ඉඩ ඇත.ඇයගේ ධාවන ඇඳුමට මම බෙහෙවින් ඇළුම් කළෙමි.එය නිර්භීත ලාංකේය ක්‍රීඩිකාවක් ලෙස ඇය හඳුනාගැනීමේ සළකුණක් ලෙස ද සැළකුවේය.
එහෙත් ඇය ව්‍යාපෘති නිලධාරි
තනතුර දරන අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ එම ඇඳුමට ඉඩ දෙන්නේ නැත.ඇය මැදිහත් වන්නේ ද නැත.එහි බරපතලම සිඳුවීමට මුහුණ දුන්නේ ඇය එම ක්‍රීඩා උළෙලේ උස පැනීම ද කළ නිසා උස පැනීමේ ක්‍රීඩිකාවක්ය.ශ්‍රියාණි ඇයගේ ක්‍රීඩා ඇඳුම තෝරා ගත්තේ කුමන අදහසක් නිසා ද?කිසිවෙකුතු ඇයගේ සිරුර පෙන්වන්නට බව නොකියනු ඇත.දක්ෂතා හොඳින් දක්වන්නටය.එසේනම් අර කුඩා ක්‍රීඩිකාවන් දක්ෂතා දැක් විය යුතු නැද්ද?


ඒ නිසා සාෆියාගේ කළිසම ඇඳ ගන්න පොර කන පිරිස ඉන් ඉවත්ව තව අඳින්නට ක්‍රිඩා කළිසම් සොයා දෙන ව්‍යාපෘතියක් කරන්නේනම් හොඳය.අපහසුතා දුෂ්කරතා ජය ගැනීමට මඟ සකස් කළ යුතුය.කෙටි කළිසම යනු ඇයගේ ක්‍රීඩා ඇඳුමය.සාෆියා සිය ආගමික සංස්කෘතික උත්සවයට අඳින ඇඳුම හෝ එහි කුමන හෝ කොටසක් තමන්ගේ ක්‍රීඩා ඇඳුම කර ගෙක ක්‍රීඩාවේ ජයග්‍රහණ හීන කර ගන්නට නොයන්නේය.ඇය අවස්ථා දෙක සහ ඊට අවශ්‍යය දේ කවරේද් යන්න තෝරා ගැනීමට හැකි බුද්ධියක් ඇති ක්‍රීඩිකාවකි.තරුණියකි.එපමණය.
තවත් වැදගත් දෙයක් ඇත.සෆියාගේ පුහුණුකරු එස්පී විතාන පුහුණුකරුවෙක් ලෙස වැඩ කර එයින් පීඩා විඳ විදේශගතව සිට පැමිණි අයෙක්ය.ඒ උපයා ගත් දේ ආයෝජනය කරමින් ක්‍රීඩකයින් පුහුණු කරමින් යන ගමණේ දි විතාන බොහෝ කල් සිට සෆියාව දුටුවේය.ඔහු ඇය ජයගන්න බව දැන සිටියේය.ලංකාවේ ජය ගන්නකම් කිසිවක් නොලැබෙන බවය ඇත්ත.ඒ නිසා සාෆියා විතාන ඇරෙන්න දකුණු ආසියාව ජය ගත හැකි සුපිරි ක්‍රීඩිකාවක් බව වෙන කවුරු හෝ බලධාරියෙකුට සිතුණේ නැත.එසේනම් සමහර ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ලැබුණ පුහුණු සංචාර වැනි දේ සෆියාට ද ලැබෙන්න තිබිණ.මේ ඒ කිසිවක් නොලැබ ලද ජයක් වන අතර එසේ ලද අයද පරදාව ලැබූ ජයක් ද වන්නේය.


කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා සහ අමාත්‍යංශයත් ගුවන් තොටුපළට ගොස් සාෆියාලාව හමුවීමේ ඡායාරූප සටහන් අමාත්‍යංශයෙන් එවා තිබූ පරිදි සියල්ලම මෙහි පළ කරන්නේ සාෆියාලා,නදීකලි,රුමේෂ්ලා මධුභාෂිණිලා ඇතුළු සියල්ලන්ම කරේ පොඩි වැඩක් නොවන නිසාය.