8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන 5වැනිදා ඇරඹේ!

Date:

කොළඹ LNW: 8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන 5වැනිදා සිට 10 වැනිදා දක්වා චීනයේ ශංහයි නගරයේදී පැවැත්වීමට නියමිතයි.

චීන උප වාණිජ ඇමති Sheng Qiuping මහතා අද (28) චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙවර ප්‍රදර්ශනයේ සූදානම පිළිබඳව පැහැදිලි කළා.

ඔහු සඳහන් කළ පරිදි, මෙවර ප්‍රදර්ශනයට රටවල්, කලාප හා ජගත් සංවිධාන 155ක් පමණ එක් වනවා. එමෙන්ම ඒ සඳහා සහභාගී වන විදේශ ව්‍යවසායන් සංඛ්‍යාව 4108ක්. ප්‍රදර්ශනයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් හාරලක්ෂ තිස්දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වන විට මෙවර ප්‍රදර්ශනයේ සියලු කටයුතු සූදානම් කර අවසන් බව ඔහු ප්‍රකාශ කළා. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ලොව පුරා රටවලට චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය සමීපව අවබෝධ කර ගැනීමට ඉඩ සලසන බව Sheng Qiuping මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...