එස්.එම්. රංජිත්ගේ ඇප ඉල්ලීම කැදවීමට දිනයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

අල්ලස් පනත යටතේ “දූෂණ” චෝදනා යටතේ වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහු ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා ගොනුකර ඇති ඇප ඉල්ලීම නොවැම්බර් මස 28 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළ බව වාර්තා වේ.

මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවා ඇත.

එම අවස්ථාවේදී සිරදඬුවම් නියම වී සිටින හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුව හා සම්බන්ධ භාණ්ඩ හා ලේඛන කොළඹ මහාධිකරණ අංක හතර ශාලාවේ පවතින නඩුව හා ගොනුව පවතින බව දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇති අතර , පසුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ සලකා බැලීම සඳහා අදාල පෙත්සම නොවැම්බර් මස 28 වන දා කැඳවන ලෙස විනිසුරු වරයා නියම කළ බව වාර්තා වේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස එස්.එම්.රංජිත් මහතා කටයුතු කරමින් සිටියදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන නමැත්තියට වැටුප සමග ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම, එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් නියම කරනු ලැබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...