අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහන වල මගීන් විසින් ආසන පටි පැළඳීම අනිවාර්‍ය කිරීම ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැළඳීම අනිවාර්‍ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.