ඖෂධ හිඟයටත් වඩා බරපතළ තත්වයක් : රෝහල්වල රසායනාගාර පරීක්ෂණ නවතී !

Date:

මේ වනවිට බොහෝ රජයේ රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සිදු නොකෙරෙන තත්වයක් උද්ගතව ඇති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

එම රසායනාගාර පරීක්ෂණ සඳහා අත්‍යාවශ්‍ය රසායන ද්‍රව්‍ය සහ උපාංග නොමැති වීමෙන් මෙසේ එම පරීක්ෂණ නැවතී ඇති බව සඳහන්.

ඒ අනුව, රෝගීන්ට එම පරීක්ෂණ වාර්තා පෞද්ගලික රසායනාගාරවලින් මුදල් ගෙවා ලබාගැනීමට සිදුව තිබේ.

එසේම රජයේ රෝහල්වල එම පරීක්ෂණ නැවතී ඇති තත්වයක් තුළ පෞද්ගලික රසායනාගාර ඒවා සඳහා ඉතා ඉහළ මිලක් අයකරමින් සිටින බවත් වාර්තා විය.

මේ තත්වය ඖෂධ හිඟයටත් වඩා බරපතළ බවයි වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ. මන්දයත් රෝහලට පැමිණෙන රෝගියකුගේ රෝග විනිශ්චය සඳහා මෙම රසායනාගාර පරීක්ෂණ වාර්තා අත්‍යාවශ්‍ය වන බැවිනි. පෞද්ගලික රසායනාගාරවලට ගෙවීමට මුදල් නොමැති අඩුආදායම්ලාභී රෝගීන්ගේ රෝග තත්වය හෝ හඳුනාගැනීමට නොලැබෙන ඉතා අසරණ තත්වයකට ඔවුන් පත්වෙමින් සිටින බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

එමෙන්ම රසායනාගාර සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟවන්නේ ඩොලර් හිඟය නිසා නම් පෞද්ගලික අංශය සතුව ඒවා පවතින්නේ කෙසේද යන ප්‍රශ්නයත් වෛද්‍යවරු විමසති. ඔවුන් පෙන්වා දෙන්නේ රටට ලැබෙන සීමිත ඩොලර් ප්‍රමාණය වුවත් ප්‍රමුඛතාව මත වියදම් නොකෙරෙන්නේද යන ගැටලුව මෙහිදී මතුවන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...