අමාරුවෙන් වැඩේ කරගෙන යද්දී කෝපා කමිටුවත් අතගහන්න එනවා – මනූෂ (VIDEO)

පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යැවීමේ වැඩපිළිවෙලක් සති දෙකක් තුළ සකස් කරන්නැයි පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව නියෝග කර ඇති බවට පළවූ පුවත සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

“මම දැන් එද්දී රේඩියෝ එකේ අහගෙන ආවා ප්‍රවෘත්තියක් පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යැවිමේ වැඩපිළිවෙලක් සති දෙකක් තුළ සකස් කර දෙන්නැයි කෝපා කමිටුව නියෝග කරයි කියලා. දැන් වෙලා තියෙන්නේ විදේශ රැකියා ක්ෂේත්‍රය මුළු රටේම ප්‍රධාන මාතෘකාව බවට පත්වෙලා. රටේ රැකියා නෑ, ගොඩක් අය යන්න බලාගෙන ඉන්නවා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ වෙනදා තිබුණාට වඩා ලොකු පිබිදීමක් ඇතිවෙලා තිබෙනවා. එතකොට දැන් හැමෝම බලනවා මේ මල්වට්ටියට අත ගහන්නේ කොහොමද කියලා. විදේශ රැකියා වැඩේට පොඩ්ඩක් හරි දායකත්වය දෙන්නේ කොහොමද කියලා, සති දෙකක් ඇතුළත වැඩසටහන සකස් කරලා දෙන්න කියලා. උදාහරණ කියලා තියෙනවා 2016 ඇමෙරිකාවෙන් ලැබුණු හෙද රැකියා ගිවිසුම යටතේ යවන්න පුළුවන් වුණේ තුන් දෙනයි, එහෙම වුණේ පුහුණුවක් නැති නිසා, ඒ නිසා වහා ම සති දෙකක් තුළ මේ ප්‍රශ්න විසදන්න කියලා තමයි නියෝග කරන්නේ. හැබැයි අපට ඒ රැකියා නොලැබුණේ ඉල්ලපු IELTS ලකුණු මට්ටමට අයදුම්කරුවන් නොසිටිය නිසා කියලා එයාලා දන්නේ නෑ. අපේ දරුවන්ට බිංදුවේ ඉඳලා ඉංග්‍රීසි උගන්වන්න ලෑස්ති වෙනකොට අපේ දේශපාලනඥයො, වෘත්තීය සමිති විරුද්ධ වෙලා, 1956 සිංහල රාජ්‍ය භාෂාව කරලා ඉංග්‍රීසි භාෂාව නැතිකරලා අපේ දරුවෝ මොට කළා වගේම ඒ හෙද රැකියා සඳහා අපට යවාගන්න බැරිවුණේ ඉංග්‍රීසි ප්‍රවීණතා මට්ටම හදාගන්න බැරිවුණු නිසා. වෙන වරදක් නෙවෙයි, බොහෝම දක්ෂ හෙදියෝ ඉන්නෙ. හැබැයි ඉංග්‍රීසි පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මාස දෙකෙන් තුනෙන් මේ අයගේ ඉංග්‍රීසි හදන්න පුළුවන්ද ? බෑ ! එතකොට දශක ගණනාවක් තිස්සේ ඉංග්‍රීසි භාෂාව නැති කරපු දේශපාලනඥයෝ, වෘත්තීය සමිති, අපි හැමෝම මේකට වගකියන්න ඕනෙ”

මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...