චීනයෙන් රුපියල් බිලියන 1.8 ක ඖෂධ ආධාර

Date:

චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් ඊයේ(27) මෙරටට ලැබී තිබේ.

එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොං (Qi Zhenhong) මහතා විසින් භාරදෙනු ලැබීය.

වකුගඩු, ජලභීතිකා, පෙනහළු ආසාදන, පිළිකා ආදී රෝග සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙම පරිත්‍යාග අතර වේ.

චීන මානුෂීය ආධාර දෙවන කොටසේ මේ වන විට රුපියල් බිලියන 3ක ඖෂධ තොගයක් මෙරටට ලැබී තිබේ.

එහි තවත් ඖෂධ තොගයක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 17 ක් ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී අදාළ ආධාර දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය පවසයි.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙම සහනාධාර තොගය වෙනුවෙන් අවංකවම ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කර සිටින බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...