ඊලොන් මස්ක් ඩොලර් බිලියන 44කට ට්විටර් මිලදී ගනියි.

Date:

ප්‍රකෝටිපති ඊලොන් මස්ක් විසින් ඩොලර් බිලියන 44ක වටිනාකමට ට්විටර් මිලදී ගෙන ඇති බව වාර්තා වේ. ඔහු සිය ට්විටර් ගිනුමේ සමඳහන් කර තිබුණේ කුරුල්ලා නිදහස් කර ඇති බවයි.

මේ වන විට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් කිහිපදෙනෙක් සේවයෙන් ඉවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබුණේ ප්‍රධාන මූල්‍ය නිලධාරි නෙඩ් සේගල් සහ සමාගමේ ඉහළම නීති සහ ප්‍රතිපත්ති විධායක විජය ගද්දේ අග්‍රවාල් මහතා පිටත්ව ගිය බවයි.

පසුගිය ජනවාර් මිසයේ සිට ඊලොන් මස්ක් ට්විටර්හි කොටස් මිලදී ගනු ලැබූ අතර අප්‍රේල් මාසයේදී, ඔහු එහි විශාලතම කොටස් හිමියා බවට පත් විය. අප්‍රේල් මස අවසානයේ සමාගම ඩොලර් බිලියන 44 කට මිලදී ගැනීමට ගිවිසුමකට එළඹෙන්නට විය. කෙසේ නමුත් මැයි මස වන විට ට්විටර් ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා ව්‍යාජ ගිණුම් පවතින බවට ප්‍රකාශ කරමින් මිලදී ගැනීම පිළිබඳ ඔහුගේ අදහස වෙනස් කිරීමට පටන් ගත්තේය. මේත් සමඟ ට්විටර් සමාගම ඊලොන් මස්ක් නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් බැඳී ඇති බව ප්‍රකාශ කරමින් ගනුදෙනුව සඳහා තබා ගැනීමට නඩුවක් ගොනු කළේය. නීතිමය ගැටුම් වලින් අනතරුව ඔක්තෝම්බර් වන විට මස්ක් අවසානයේ ට්විටර් පවරා ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබුණේ මනුෂ්‍යත්වයට උපකාර කිරීම වෙනුවෙන් තමා සමාජ මාධ්‍ය වේදිකාව මිලදී ගත් බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...