බලයේ උන්මාදය හා පුටින්ගේ අනතුරු ඇඟවීම

Date:

ඊයේ(27) දිනයේදී මොස්කව් හි පැවති දේශනයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබුණේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ලෝකය වඩාත් භයානක සංදර්ශනයක් නරඹමින් සිටින බවයි.

මෙහිදී පුටින් රුසියාවට එරෙහිව බටහිර රටවල් න්‍යෂ්ටික න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් මෙන්ම, නේටෝ මිලිටරි සන්ධානය යුක්රේනයේ විකිරණශීලී බෝම්බයක් අත්හදා බැලීමට සූදානම් බවට චෝදනා කරන්නට විය. මේ සම්බන්ධයෙන් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ සන්ධාන සාමාජිකයින් මෙමම චෝදනාව ප්‍රතික්ෂප කරන බවයි.

රුසියා ජනාධිපතිවරයා මෙහිදී දිගින් දිගටම රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම යුක්ති සහගත බව තහවුරු කළ අතර ජාත්‍යන්තරව සිය රට හුදකලා කිරීම පිළිබඳව සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ඒ වෙනුවෙන් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට චෝදනා කර තිබිණි.

ඔහු ‌මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ අප ඓතිහාසික මායිමක සිටින බවත්, ඉදිරිය බොහෝ දුරට භයානක, අනපේක්ෂිත සහ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු වැදගත්ම දශකය ඇරඹෙනු ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...