හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා වශයෙන් නයිම් කාසෙම් පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හිස්බුල්ලා සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය සංවිධානයේ නව ප්‍රධානියා වශයෙන් නයිම් කාසෙම් පත් කර ඇති බව කියා තිබේ.

ඒ අනුව, නයිම් කාසෙම් හිටපු හිස්බුල්ලා සංවිධානයේ නායක සෙයිද් හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ලෙබනනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස උසස්වීම් ලබා ඇති අතර ගෙවුණු සැප්තැම්බර් මස අගදී ඊශ්‍රායලය දියත් කළ ගුවන් ප්‍රහාරයකදී හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා බේරූට්හිදී මිය ගියේය.

ඊශ්‍රායලය සෘවම සිය මිලිටරි මෙහෙයුම් ලෙබනනයේ දියත්කළ දා සිට මේ වන විට ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නිලධාරීන් රැසක් මරා දමා ඇති අතර නව නායක නයිම් කාසෙම් සඳහන්කර තිබුණේ, ඊශ්‍රායලයට විරුද්ධ පක්ෂයන්ගේ සහය ලබාගෙන ඊශ්‍රායලයට එරෙහි සටන දිගටම කරගෙන යමට තමා කැපවෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...