හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා වශයෙන් නයිම් කාසෙම් පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හිස්බුල්ලා සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය සංවිධානයේ නව ප්‍රධානියා වශයෙන් නයිම් කාසෙම් පත් කර ඇති බව කියා තිබේ.

ඒ අනුව, නයිම් කාසෙම් හිටපු හිස්බුල්ලා සංවිධානයේ නායක සෙයිද් හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ලෙබනනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස උසස්වීම් ලබා ඇති අතර ගෙවුණු සැප්තැම්බර් මස අගදී ඊශ්‍රායලය දියත් කළ ගුවන් ප්‍රහාරයකදී හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා බේරූට්හිදී මිය ගියේය.

ඊශ්‍රායලය සෘවම සිය මිලිටරි මෙහෙයුම් ලෙබනනයේ දියත්කළ දා සිට මේ වන විට ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නිලධාරීන් රැසක් මරා දමා ඇති අතර නව නායක නයිම් කාසෙම් සඳහන්කර තිබුණේ, ඊශ්‍රායලයට විරුද්ධ පක්ෂයන්ගේ සහය ලබාගෙන ඊශ්‍රායලයට එරෙහි සටන දිගටම කරගෙන යමට තමා කැපවෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...