මාධ්‍යයේ යන කතා බොරුද? මනූෂ

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):

  • මේ ආණ්ඩුව ණය ගන්න වේගය දැක්කම බය හිතෙනවා.
  • ණය ගන්නව මදිවාට දැන් සල්ලිත් අච්චු ගහනවා.
  • ජනතාව පීඩාවට පත්කරන ඕන කෙනෙක් එළවන්න් අපි පෙරට එනවා.

ණය ගන්නවාට අමතරව මේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමද පටන් ගෙන ඇතිබව හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර පවසයි. ගාල්ලෙ පැවති ජනහමුවක් ඇමතමින් කරුණු දැක්වූ ඔහු පැවූවේ ආණ්ඩුවේ ගමන අවධනම් බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවටයාගේ පාලන සමයේ ණය ලාබා නොගෙන ණය කපා දැමීමට කට යුතු කරමින් රට පෙරට ගෙන ගිය බව ඔහු අවධාරණය කළේය .

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

”මේ සල්ලි අච්චු ගහන විදිය දැක්කහම, ණය ගන්න විදිය දැක්කාම රට ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට යන බව පේනවා. දැන් ඊයේ කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයා කියල තිබුණා සල්ලි අච්චු ගහලා නෑ. ණය ගත්තේ නෑ කියලා . එතකොට මාධ්‍ය කියන්නේ බොරුද. එහෙනම් මාධ්‍යට නඩු දාන්නකෝ. සල්ලි අච්චු ගහලා නැතිනම්, ණය ගත්තේ නැතිනම් බොරු දානවා කියලා මාධ්‍යට නඩු දාන්න .

මහ බැංකුවමයි කියන්නේ අපි ණය ගත්තා කියාල. සල්ලි අච්චු ගහන්න තීන්දු කරා කියලා මහ බැංකුවමයි කියන්නේ . අපේ කාලේ අපි ණය කපලා දුන්නා. ණය ගත්ග්තේ නෑ. සල්ලි අච්චු ගැහුවේ නෑ. අපි ණය කපලා දුන්නා මෙහෙම ගිහිල්ලා රටේ ජනතාව අමාරුවේ රැටුනොත් එන්න එදාට ගෝඨා ගෝ කිව්වා වගේම අනිත් එක්කෙනාටත් ගෙදර යන්න කියන්න අපි පස්සට යන්නෙ නෑ. අපි තීන්දුවක් අරගෙන මිනිස්සුන්ව රක්ෂා කරන තැන අපි ඉන්නවා.

මිනිස්සුන්ගේ ඇස් වහල මේ වැඩේ කරේ. මිනිසුන් රැවැට්ටුවා ඉතිහාසයෙ මොනවයින්ද
මිනිස්සුන්ව රැවට්යිවේ. එක එක කාලෙට අපි රැවටුනානේ. අපි දොළුකන්දෙත් ගියා නේ රැවටිලා. අපි ධම්මික පැණිය බොන්නත් ගියේ රැවටිලා. අන්න මේ ආණ්ඩුවත් දිගින් දිගටම ජනතාව රවට්ටමින් ඉන්නවා.”
ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...