ගනේමුල්ලේ සංජීව ඝාතනයට දණ්ඩ නීති සංග්‍රහය දුන් නීතීඥවරියක් අත්අඩංගුවට ?

0
214

ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත නීතීඥවරියක් අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) දිනයේදී කඩවත ප්‍රදේශයේදී ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට පිස්තෝලය සඟවාගෙන අධිකරණ භූමියට ගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදීමේ චෝදනාව මත මෙසේ මෙම නීතීඥවරියව අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මැදිරියක විත්ති කූඩුව තුළ සිටියදී වෙඩිතබා ඝාතනය කෙරුණේ 2025 පෙබරවාරි 19 වනදා ය.