පැළයක් වෙනුවට ගසක් සිටුවමු

Date:

මිහිතලය උණුසුම් වීම සහ දේශගුණ විපර්යාස සඳහා මුහුණ දීමට මේ වනවිට බොහෝ රටවල් සහ සංවිධාන කටයුතු කරමින් සිටින බව පෙනේ. ලෝකයේ වනවැස්ම වැඩිකරගැනීම එහි එක් ක්‍රියාන්විතයකි.   

මේ වනවිට කොතෙකුත් රුක් රෝපණ/ වනවගා ව්‍යාපෘති ක්‍රියාත්මක වූවද  ඒවායේ සාර්ථක භාවයේ අඩුවක් දක්නට ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා කුඩා පැළ පාරිසරික තත්වයන්ට ඔරොත්තු නොදී විනාශ වී යාමයි. මේ සඳහා විසඳුමක් සෙවූ අප ඉතා සාර්ථක ප්‍රතිපල ලබා ගත් අතර මෙම තාක්ෂණය මඟින් වර්ධනය කර ගන්නා ගස් මිලියනයක් රෝපණය කිරීම අපගේ ඉලක්කයයි. 

 මේ ඉලක්කය කරා ළඟා වීමට පැළයක් වෙනුවට ගසක් සිටුවමු” තේමාව යටතේ ගස් මිලියනයක් සිටුවීමේ පාරිසරික සත්කාරක මෙහෙයුමේ සමාරම්භක අවස්ථාව දැරණියගල නගරයේ ලයන්ස් ක්‍රීඩා පිටියේදී 2022 ඔක්තෝබර් 30 වැනි දින උදෑසන 7:00 ට සිදුකෙරේ.  

මෙහි සමාරම්භක අවස්ථාවේ  නිළ වශයෙන් ගස් 1000  ක් ප්‍රධානය කිරීමට සහ එදිනම එම ගස් 1000 සමනළ අඩවියෙන් ආරම්භ වන   ජලමුලාශ්‍ර සහ ජලපෝෂක ප්‍රදේශවල ස්වභාවික ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් රෝපණය කිරීමද සිදු කෙරේ.

මහාචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න
ගස් මිලියනයක් සිටුවීමේ පාරිසරික සත්කාරක මෙහෙයුම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...