ඔරුවට තල්ලුවක් ඕනි

Date:

රට වැටී ඇති ආර්ථික අගාධය නිසා ඔරු පැදීමේ ක්‍රීඩාවටත් ගැටළු ගණනකට මුහුණ දීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය පවසනවා. එහි නිලධාරීන්ට අනුව ඔවුන්ගේ උපදේශක උපදේශක ස්පාඤ්ඤයේ පෙඩ්රෝ ෂෙන්ස්ගේ වැටුප් ගෙවා ගැනීම පවා ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා.
ආධුනික ඔරු පැදීමේ සංගමයේ සභාපති දිමුත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ පුහුණුකරුගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ සහය ලැබුණත්,පවතින ආර්ථික අර්බූදය හමුවේ ප්‍රතිපාදන ඉවත් කර ඇති බවත්,මේ නිසා මාස කිහිපයක සිට ඔහුගේ වැටුප් ගෙවීමට අවශ්‍යය මුදල් සොයා ගැනීම ගැටළුකාරි තත්ත්වයකට පත්ව ඇති බවත් ය.
“ඔහු ශ්‍රී ලංකාවේ මුළු ඔරු පැදීමේ ගමනම වෙනස් කළා. ප්‍රථමයෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර විනය ඇති කළා. ඔහු මේ වනවිට වසරකට ආසන්න කාලයකට පසු අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රමිතීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ආසන්න මට්ටමකට ඔසවා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව ආසියානු ශූරතාවලියේදී පදක්කම් දිනා ගැනීමට පහසු තත්ත්වයක සිටිනවා” දිමුත් ගුණවර්ධන නව පුහුණුකරුගේ බලපෑම මත ශ්‍රී ලංකාවේ ඔරු පැදීමේ ක්‍රීඩාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද පැහැදිළි කරමින් පෙන්වා දුන්නා.
මුහුණ දී ඇති අර්බූදකාරී තත්ත්වය හමුවේ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු ලබා දෙන සහයෝගය වගේම මේ තත්ත්වයන් ඉවසාගෙන පුහුණුකරු පෙඩ්රෝ ෂෙන්ස් කරන සේවය ද ඉතා ඉහළින් අගය කළ සභාපතිවරයා, ග්‍රාමීය ප්‍රදේශ කරා ඔරු පැදීම ගෙන යාමට සැලසුම් කර ඇති අතර, පාවිච්චි කරන ලද ඔරු එකතු කර අලුත්වැඩියා කර පාසල් සහ ක්‍රීඩා සමාජ වෙත ලබා දෙමින් ක්‍රීඩාවේ ව්‍යාප්තිය වෙනුවෙන් සැළසුම් සකස් කරමින් සිටින බව පෙන්වා දුන්නේය.
කෙසේ හෝ දුෂ්තරතා මැද වත්මන් පරිපාලනය ඔරු පැදිමේ ක්‍රීඩාව පුහුණුකරු පෙඩ්රෝ සමඟ ඉදිරියට රැඟෙන ආ ඇති බවත්,පවතින සියලු දුෂ්කරතා මැද වාර්ෂික ජ්‍යෙෂ්ඨ ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය නොවැම්බර් 3 සිට 5 දක්වා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පවත්වද්දී මෙහි ප්‍රගතිය දැක ගැනීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නේය. මෙම තෙදින ඉසව්ව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මීටර් 2000 ධාවන පථයක – පිරිමි සහ කාන්තා දෙ’අංශයෙන්ම කේවල,යුගල සහ කණ්ඩායම් ලෙස පැවත්වීමට කටයුතු යොදා ඇති බව පැවසීය.ඒ සඳහා සියලුම ප්‍රමුඛ ක්‍රීඩා සමාජ සහ පාසල් තරඟ කිරීමට නියමිත බව ද සභාපති දිමුත් ගුණවර්ධන පෙන්වා දුන්නේය.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...