ජපානයේ ජනගහනය 2010 සිට හැකිලෙමින් පවතින අතර මෑත වසරවල පහත වැටීම වේගවත් විය.
2065 වන විට ජපානයේ ජනගහනය මිලියන 88 දක්වා පහත වැටේන බවට පුරෝකතනයන් ඉදිරිපත්ව ඇති අතර එය වසර 45කින් 30% ක අඩුවීමකි. 1970 ගණන්වල මැද භාගයේ සිට ජපානයේ සාඵල්‍යතා අනුපාතය සීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින අතර එයට හේතුව වී ඇත්තේ තරුණ කාන්තාවන් විවාහ නොවී සිටීමයි.
ජපානයේ කාන්තාවන්ට ආර්ථික අවස්ථා සීඝ්‍රයෙන් දියුණු වීම, අධ්‍යාපන අවස්ථා ලබා ගැනීම, දරුවන් ලැබීමටත් වැඩි කැමැත්තක් නොදැක්වීම 2020 දී 51%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 25-29 අතර කාන්තාවන්ගේ ශ්‍රම සහභාගීත්ව අනුපාතය 2020 වන විට 87%කි. 1975 වයස අවුරුදු 25-29 අතර තනි කාන්තාවන්ගේ අනුපාතය 21% සිට 2020 වන විට එය 66% දක්වා ඉහළ ගොස් ඇත. 30-34 අතර කාන්තාවන් 8% සිට 39% දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස ජපානයේ විවාහ අනුපාතය පහත වැටීමට ද හේතුවී ඇත්තේ ගෘහස්ථය තුළ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයයි. එනම් ගෘහස්ථ කාර්යයන් සඳහා ජපන් පිරිමින්ගේ දායකත්වය ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ගෘහ සේවය සහ ළමා රැකවරණය කළමනාකරණය කිරීම සඳහා කාන්තාවන්ට විශාල බරක් පටවා තිබේ. කාන්තාවන් සඳහා පුළුල් වන ආර්ථික අවස්ථා හේතුවෙන් හා නිවසේ අසමාන ස්ත්‍රී පුරුෂ භූමිකාවන් පැවතීම විවාහක කාන්තාවන්ට රැකියාව සහ පවුල් ජීවිතය තුලනය කිරීම ඉතා දුෂ්කර කර වීම විවාහය වෙනුවෙන් පවතින ආකර්ෂණය අඩු කර ඇත.
නමුත් මේ වන විට ජපන් රජය වේගවත්ව ජනගහන වයස්ගත වීම හා සම්බන්ධ සමාජ හා ආර්ථික ප්‍රතිවිපාක ගැන සැලකිලිමත්ව ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ. මෙහි මූලික අවධානය යොමුව ඇත්තේ ළමා සුරැකුම් සේවා සැපයීම වැඩි දියුණු කරමින් මා පිය සහය සැපයීම වෙනුවෙනි.
සශිකලා මධුෂාණී_OBT