ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනා ගැන ඔබ දැනගත යුතුම දේ මෙන්න

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනා පහත පරිදි වේ.

ඩොලර් බිලියන 459 ක ඇස්තමේන්තුගත ශුද්ධ වත්කමක් සහිතව එහි පළමුතැන ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධාන විධායක එලොන් මස්ක් රැඳී සිටින අතර ටෙස්ලා, ස්පේස්එක්ස් සහ කෘතිම බුද්ධි සමාගමක් වන xAI හි කොටස් මගින් ඔහුගේ ශුද්ධ වත්කම් වර්ධනය වේ.

ඔරකල් හි සම-නිර්මාතෘ ලැරී එලිසන් ඩොලර් බිලියන 340 ක් සමඟ දෙවන ස්ථානයේ පසුවන අතර මෙටා හි මාර්ක් සකර්බර්ග් ඩොලර් බිලියන 258 ක් සහ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ඩොලර් බිලියන 243 ක් ලබා තෙවන හා සිවුවන ස්ථානයන්ගේ පසුවේ.

ගූගල් සම-නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් පිළිවෙලින් ඩොලර් බිලියන 213 ක් සහ ඩොලර් බිලියන 200 ක් සමඟ පස්වන සහ හයවන ස්ථාන ලබා ගෙන ඇත.

හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් බෝල්මර් ඩොලර් බිලියන 178 ක් සමඟ හත්වන ස්ථානයේ සිටින අතර, LVMH හි ප්‍රධානියා වන ප්‍රංශ සුඛෝපභෝගී ධනවතා බර්නාඩ් ආර්නෝල්ට් ඩොලර් බිලියන 172 ක් සමඟ අටවන ස්ථානයේ පසුවේ.

චිප් නිෂ්පාදක NVIDIA හි ප්‍රධාන විධායක ජෙන්සන් හුවාං ඩොලර් බිලියන 162 ක් සමඟ නවවන ස්ථානයට පත්ව ඇති අතර ප්‍රවීණ ආයෝජක වොරන් බෆට් බර්ක්ෂයර් හැත්වේ හරහා ඩොලර් බිලියන 151 ක් සමඟ ඉහළම 10 දෙනා අතරට පැමිණ ඇත.

ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ ඒකාබද්ධ ධනය ඩොලර් ට්‍රිලියන 2.4 ඉක්මවන අතර, එමඟින් පෙනී යන්නේ වෙළඳපල සහ තාක්‍ෂණික ප්‍රවණතා සමඟ උච්චාවචනය වන ධනය පුද්ගලයින් කිහිපදෙනෙකු අතර සංකේන්ද්‍රණය වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...