අග්බෝට බරපතළයි! සුවවී සිටි හස්තියාට යළිත් වෙඩි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේදී, අග්බෝ හස්තියාට කිසියම් පුද්ගලයෙකු විසින් නැවත වෙඩි තබා ඇති බව වාර්තාවේ.

අග්බෝ හස්තියා පසුගිය කාලය පුරා පාදයකට වෙඩි වැදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අතර , වෛද්‍යවරුන් සහ වනජීවී නිළධාරීන් ඇතුළු බොහෝ පිරිසකගේ සහයෙන් නැවත සුවය ලබා සිටි අවස්ථාවක යළිත් මෙවැනි කණගාටුදායක අවස්ථාවට මුහුණ දී ඇත.

පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ අග්බෝ හස්තියාගේ තත්ත්වය බරපතළ බවයි.

බඳින තුවක්කුවකට හසුවීමෙන් අග්බෝ හස්තියාගේ ඉදිරිපස වම් පාදය දැඩි ලෙස හානි වී තිබුණේ පසුගිය ජූනි මස 12 වැනිදායි. පසුව තුවාල සහිත හස්තියා අනුරාධපුර තිරප්පනේ රක්ෂිතයේ සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලක් සහිත අඩි 10 ක් උසැති අග්බෝ හස්තියා පශු වෛද්‍යවරුන් හා වනජීවී නිලධාරීන් දිවා රෑ නොබලා සිදුකළ ප්‍රතිකාර හමුවේ ක්‍රමයෙන් සුවය ලබමින් සිටි අතර පාදයේ අස්ථි බිඳීමක් සිදුව තිබූ බැවින් අග්බෝ හස්තියා සම්පූර්ණ සුවය ලැබීමට කල් ගතවනු ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. මෙසේ ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට කිසියම් පුද්ගලයෙකු විසින් නැවත වෙඩි තබා තිබෙන බවත් , මේ වනවිට ප්‍රථිකාර සිදු වුවද අග්බෝගේ තත්ත්වය සුවදායක නොවන බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...