නිල නිවාස භාර නොදෙන හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීති මඟට!

Date:

කොළඹ LNW: හිටපු මැති ඇමතිවරුන් විසින් මෙතෙක් රජයට භාර නොදුන් නිල නිවාස අද (30) දිනය ඇතුළත භාර දිය යුතුවන අතර එසේ භාර නොදෙන අය සම්බන්ධයෙන් නීතිමය පියවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ජල, විදුලිය ඇතුළු බිල්පත් ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසු එම නිල නිවාස භාර දෙන ලෙසයි අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබුණේ.

රජයේ ඇමති නිල නිවාස 28ක් පවතින අතර එම නිල නිවාස අතරින් හිටපු ඇමතිවරු 12ක් තවමත් නිල නිවාස භාර දී නොමැති බවයි වාර්තා වුණේ.

මේ වන විට අදාළ නිල නිවාස සම්බන්ධ මූලික පරීක්ෂාවන් සිදු කර අවසන් කර තිබෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...