රත්තරන් රිදී කර පස්සේ මල් මොනවට ද?

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 30,(LNW) කොළඹ :

මේ සිටින්නේ ආසියානු නෙට්බෝල් අනු සූරියන්.ලංකාවට පැමිණෙන මොහොතේ ඔවුන් පිළිගන්නට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මුල් වි කටයුතු කිරිම අගය කළ යුතුයි.ඒත් ඇත්තටම මෙහි සිටින්නේ ආසියානු සූරියන් බවත්,ඔවුන් අනු සූරියන් කිරීමේ වගකිම පරිපාලනය භාර ගත යුතු බවත් අපේ අදහසයි.පරාජයේ අමිහිරි බව සජීවීව විඳින්නට සිඳු වූ මේ ක්‍රීඩිකාවන්ගේ හදවතට දැණුන කම්පාවට හේතු වූ වගකීම් පැහැර හැරීම මේ මල්වලින් වසා දැමිය නොහැකියි.


ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ගේ වැඩි හිතවත් පිරිස මත ක්‍රීඩාව තබා කටයුතු කිරීම මෙන්ම,ක්‍රීඩාවේ පරිපාලනය තමන්ට අහිමිවීම ඒ නිලධාරීන් හරහා නවත්වා ගන්නා ක්‍රීඩාවට සම්බන්ධ පරිපාලනයේ සිටින පිරිස් ද අපට අමුතු නැත.මේ එවැනි ඛේදවාචකයකි.තමන්ගේ බලය සම්බන්ධයෙන් සහ තමන්ගේ බලය භාවිතා කර කළ දේ සම්බන්ධයෙන් “අපිට ඕනි දේ අපි කරා“ යන සතුටුදායක හැඟීම ඔවුන්ට තිබෙනවා විය යුතුය.එහෙත් රටක් පරාජය කර හෝ තමන්ගේ බලය සහ තීරණවල අධිපතිභාවය රැක ගැනිමෙන් තාප්තියට පත් වීම සමීප වන්නේ සාර්ථකත්වයට නොව.අශිෂ්ඨ ස්වභාවයකටය.


ඒ නිසා මේ මොහොත අපටනම් රන් කෙල්ලන් රිදී කළ පිරිස තමන්ගේ හෘද සාක්ෂියේ වරද මල්වලින් වසා ගත් මොහොතක්ය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...