Masood Imad ජනාධිපති ලේකම් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ (LNW):

අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහඳ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙන බව සඳහන් වේ.

මාලදිවයින ජනාධිපතිවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන බවත් මාලදිවයින මහ කොමසාරිස්වරයා ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර , මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ සංචාරක, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් දියුණු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව පැවසේ.

මාලදිවයින නියෝජ්‍ය මහ කොමසාරිස් ෆාතිමත් ගීනා (fathimath Ghina) මහත්මියද මෙම අවස්ථාවට එක් වී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...

චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...

NPP දෙවන අයවැය හෙට!

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...

විරේන්ගෙන් කොරියාවේදී හපන්කම්

ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරයා වන විරේන් නෙත්තසිංහ කොරියාවේ...