ස්පාඤ්ඤට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් 63 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශයන්ට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් 63දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ස්පාඤ්ඤයේ රාජ්‍ය කාලගුණ ඒජන්සිය AEMETට අනුව,ස්පාඤ්ඤයේ Valencia කලාපයට රතු අනතුරු ඇඟවීම් නිවේදන ප්‍රකාශයට පත් කර ඇති අතර Turis සහ Utiel වැනි සමහර ප්‍රදේශවල මිලිමීටර් 200 (අඟල් 7.9) වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ,

මිට අමතරව Andalucia, Aragón, Castilla y Leon, Cataluña, Extremadura, Navarra, La Rioja සහ Ceuta හි තවමත් කාලගුණ අනතුරු ඇඟවීම් පවතින අතර ගංවතුර හේතුවෙන් මැඩ්රිඩ් සහ බාසිලෝනා නගර වෙත දුම්රිය අවලංගු කර ඇති අතර, දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශවල පාසල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා අත්හිටුවා ඇත.

විපතටපත් ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් සොල්දාදුවන් 1000කට අධික පිරිසක් යොදවා ඇති අතර ගලවා ගැනීමේ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීමට මධ්‍යම රජය අර්බුද කමිටුවක් ද පිහිටුවා ඇත.

අගමැති පේද්‍රෝ සැන්චෙස් මාධ්‍ය හරහා විපතට පත් ජනතාව අමතමින් සඳහන් කර තිබුණේ, මුළු ස්පාඤ්ඤයම ඔබ සියලු දෙනා සමඟ අඬන බවත්, අපගේ පරම ප්‍රමුඛතාවය ඔබට උපකාර කිරීම බවත්, අප ඔබව ඇත නොහරින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...