‘රටම එකට – ජාතික මෙහෙයුම’ ඇරඹේ!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මේ වන විට ආරම්භ වී තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙයින් පෙන්වා දෙන අතර රට තුළ මත්ද්‍රව්‍ය හා පාතා­ලය මැඬ­පැ­වැ­ත්වී­මට ඒකා­බද්ධ මෙහෙ­යු­මක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවා­ර­ණ­යට වෙන­ම කාර්යාං­ශ­යක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය රටට පැමි­ණීම වැළැ­ක්වී­මට නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහ­සු­කම් වර්ධ­නය කිරීම, නවීන උප­ක­රණ දීම සහ නිල­ධා­රීන් පුහුණු කිරීම මෙම වැඩසටහන යටතේ සැල­සුම් කර තිබේ.

මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් පුන­රු­ත්ථා­ප­නය කිරීමේ වැඩ­ස­ට­හන් විධි­මත් කර මත්ද්‍රව්‍ය භාවි­ත­යෙන් ඔවුන් මුදා­ගැ­නී­මට, මත්ද්‍රව්‍ය වැර­දි­ව­ලට දඬු­වම් දැඩි කිරී­මට සහ පාසල් දරු­වන් දැනු­ම්වත් කිරී­මට අඛණ්ඩ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට රජය විසින් පිය­වර ගෙන ඇත.

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්” විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවයි මීට ඉහතදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබුණේ.

මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත්ව තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රකර ගනිමින් බොහෝ අපරාධ සිදුවන බවට ද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගීත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව හඳුනාගෙන ඇත.

එම ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ