ක්‍රීඩාව හා සෙල්ලම වෙනස්වන විද්‍යාත්මක සාධක තියෙනවා.ඒත් සාමාන්‍යය විදිහට ගත්තම සෙල්ලමට වඩා ක්‍රීඩාවට වගකීමක් තියෙනවා.මේ සමඟ දැක්වෙන්නෙ මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණය තුළ පැවත් වූ සැහැල්ලු පන්දු තරගාවලියකදි පිට්ටනිය සමඟ සෙල්ලම් කරපු අවස්ථාවක්.මෙයට අදාළව ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ආසියානු මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් විදිහට මෙහි ගෘහස්ථ කොටස ජාතික ජිම්නාස්ටික් සම්මේලනයට පවරා දී තිබීමත් නිසා මෙය එක තඅකට මාතරට සීමා නොවුණු ජාතික සහ ජාත්‍යන්තර වටිනාකමක් තියෙන ස්ථානයක්.


කෙසේ නමුත් බහුවිධ ක්‍රීඩා පහසුකම් තියෙන තැනක පිට්ටනියට සහ වෙනත් ක්‍රීඩාවලට බාධා වෙන විදිහට යමක් වෙනවනම් සොයා බලන්න පුළුල් ආරක්ෂාව ගැන වැඩ පිළිවෙලක් තියෙන්න ඕනි.ආරක්ෂාව කිව්ව ගමන් බලධාරීන් ආරක්ෂක අංශවලට උපදෙස් දෙන්නෙ එන එන කෙනාගෙ කිරිපල්ල අතගාන එකනෙ.මේ යෝජනා කරන්නෙ නෙමෙයි.ක්‍රීඩාමය සම්පත්වලට ආරක්ෂාවක්.එහෙම නැතුව පුහුණුවට එන ක්‍රීඩකයන්ට ශාරිරිකව බාධා පමුණුවා ඔවුන්ගේ මානසික තත්ත්වය බිඳ දාන්නනම් එපා.
මේ ඡායාරූප පෙළේ තියෙන්නෙ එහි පැවත් වූ ක්‍රීඩා තරගයක්.බලන්න ක්‍රීඩා පිටිය මැදට වාහන රැගෙන විත් තියෙන හැටි.ඒ මැද හට් ගහලා තියෙන හැටි.මෙයින් ධාවන පථයට වුණත් හානි වෙන්න පුළුවන්.සමහර විට හෑරුණ වළක පය එබිලා ආබාධයක් හැදෙන්නත් පුළුවන්.ඒ නිසා මේ යෝජනා කරන්නෙ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරන්න දෙන්න එපා කියන එක නෙමෙයි.සැහැල්ලු පන්දු ගහපු නුවන් කුලසේකර ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල එකට ආවා.නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර මට්ටමේ වේග පන්දු යවන්නෙක්.කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බහුතරයක් ඉන්නෙ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්‍රිකට් ජීවිතය හදාගත් අය.
ඒත් ඒ වැඩේ කරන්න ක්‍රිකට්වලට වගෙම අනිත් ක්‍රීඩාවන්ටත් ඉඩක් ඕනි තැනක් මේ ක්‍රීඩාංගණය.ඒ නිසා ක්‍රීඩාංගණයට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි ධාවන පථයට හෝ ක්‍රීඩාවට අදාළ තැනකට බාධා නොවෙන්න වාහන ඇතුල් කරන්න විදිහක්.හට් ගහන්න විදිහක්.හට් ගහන වැඩේ ධාවන පථයට,එහෙමත් නැත්නම් වෙනත් ක්‍රීඩා ඉසව්වකට අදාළ කොටසකට හැනි නොවෙන්න සිටුවන්නේ නැති හට් හරහා ඉටු කරගන්නත් පුළුවන්.හිටවන්න ඕනිනම් ඒකට ක්‍රීඩාවකට හානියක් නොවන තැනක් පෙන්වා දෙන්න ක්‍රීඩාංගණ බලධාරීන් දත යුතුයි.වාහන ඇතුළත් කරන විටත් ක්‍රීඩාංගණයේ කරන ක්‍රීඩාවලට හානියක් නොවන තැනකට පමණක් මේ වාහන ඇතුල් කරන්න ඉඩ හදාදෙන්න ඕනි.ගෘහස්ථ ක්‍රීඩාංගණයටත් යම් උපකරණයක් ගන්න පහසුකම් හදලා එවට වෙනම ගේට්ටු සකසා ප්‍රයෝජනයට ගැනීම කළ යුතුයි.එසේ නොවී එක ගෙට්ටුවක් කෝකටත් තෛලය සේ පහසුවට භාවිතා කරන්න ඉඩ දෙන්නත් එපා.
දැන් ඉතිං කවුද මේ ක්‍රිකට් ගහන්නෙ කියන එක හොයනවට වැඩිය වැදගත් දේ තමයි ආයෙ වැඩක් කරන්න පිළිවෙලක් හදන එක.මේක ක්‍රීඩා අමාත්‍යංශයටත් වැදගත්.ඒ මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණයට අයත් පිටිය මේ නිසා.ක්‍රීඩාංඝන එක්ක ක්‍රීඩාව එක්ක සෙල්ලම් කිරීම කියන වචනයේ තියෙන්නෙ වගකීම් විරහිත කමක්
ඒවා එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා.ක්‍රීඩාවට නිසි ගෞරවය ඇගයීම වටිනාකම ලැබන විදිහට පොළවෙ ඉදලා මනුස්ස ශරීරය දක්වා තියෙන සියල්ල පාවිච්චි කරන්න වැඩ පිළිවෙලක් හදන්න.


RM