දරිද්‍රතා රේඛාවෙන් පහතට වැටෙන ලෙබනනයට කොළරා ප්‍රහාරයක්

Date:

දශක තුනකට පසු නැවත කොළරාව ලෙබනනයේ හිස ඔසවා ඇත.

මේ වන විට සිරියාව, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, හයිටි ආදී රටවල් 29ක් කොළරාවට ගොදුරු වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ආසාධනවල වැඩිවීම පෙර නොවූ විරූ ලෙස ඇතිව ඇති බවයි. ගෝලීය සැපයුමේ හිඟයක් හේතුවෙන් එහි මාත්‍රා දෙක එක දක්වා මේ වන විට අඩු කිරීමට පවා ඔවුන් පෙළඹ තිබේ.

රටේ බොහෝ ප්‍රදේශවල මේ වන විට කොළරා රෝගීන් වාර්තා වෙමින් ඇත ට්‍රිපෝලි, බේරූට් බෙබ්නයින් මෙන්ම උතුරේ අක්කාර්හි විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් ඇත. උතුරේ අක්කාර්හි ඇති එකම පොදු රෝහල අබ්දල්ලා එල්රාසි රෝහලේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් කොඩ්‍රීන් ප්‍රකාශ කර තිබුණේ රෝහල් ඇඳන් 70% ක් කොළරා රෝගීන් සඳහා කැප කර ඇති බවයි.

ලෙබනනය සිරියානු සරණාගතයින් මිලියනයකට වඩා සත්කාරකත්වය දරන අතර ඔවුන් බොහෝ දෙනෙක් දැනටමත් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ජල නල හෝ අපද්‍රව්‍ය පද්ධති නොමැති අවතැන් වූවන් සඳහා ජනාකීර්ණ කඳවුරුවල ජීවත් වෙති. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය UNHCR ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සපයයි, නමුත් බොහෝ සිරියානුවන් ඒ සඳහා ගෙවීමට සිදුවේ යැයි බිය වෙති. සමහර විට එයින් අදහස් වන්නේ ඔවුන් අවසාන මොහොත දක්වා රෝහලට යාමෙන් වැළකී සිටින බවයි. කොළරාව වැනි වේගයෙන් ව්‍යාප්ත වන රෝගයක් සඳහා, එම ප්‍රමාදය මාරාන්තික විය හැකිය.

රටතුළ මේ වන විට පානීය ජලය බහුලව දූෂිත ව ඇති අතර බොහෝවිට විට අපජල ජලය සමඟ මිශ්‍ර වන දුප්පත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. මේ හේතූන් නිසාවෙන් සරණාගයන් මඟින් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ඉන්දන නොමැතිකම හේතුවෙන් පිරිපහදු කිරීම අසීරු වී ඇත. කොළරාව සාමාන්‍යයෙන් දූෂිත ආහාර හෝ ජලයෙන් ආසාදනය වන අතර පාචනය සහ වමනය ඇති කරයි. නිසි සැලකිල්ලෙන් කොළරාව පහසුවෙන් සුව කළ හැකිය. නමුත් ප්‍රතිචාරය වේගවත් විය යුතුය.

පසුගිය මැයි මාසයේ ලෙබනනයේ මැතිවරණයක් පැවතියද මේ වන තෙක් ආණ්ඩුවක් පිහිටුවා නොමැත. ජාතික විදුලිබල පද්ධතියෙන් දිනකට විදුලිය ලබා දෙන්නේ පැයක පමණ කාලයක් පමණි. මුදල් ඒකකයේ වටිනාකමෙන් 90% ක් පමණ අඩු වී ඇති අතර රටතුළ සමස්ත ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළේ.

රටතුළ යටිතල පහසුකම් වෙනුවෙන් ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලැබෙනතෙක් කොළරාව පාලනය කළ හැක්කේ කෙසේද යන්න බරපතල ගැටලුවක් බවට පත්ව ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...