*
Thursday, June 13, 2024
spot_img

Latest Posts

‘මතක ගිනිපුපුරු’ මතුකල නොනිමෙන ගිනිපුපුරු …!

එංගලන්තයේ දිගුකාලයක සිට පදිංචිව සිටින ගාමිණී මුතුකුමාරණ සොයුරා විසින් ජවිපෙ 78 සිට කාලවකවානුවත්, 87-89 අරගලය දක්වා සහ එය මර්ධනය තෙක් ඉදිරියට ගමන් කල අයුරු අළලා ” මතක ගිනිපුපුරු” මැයෙන් රචනාකොට ජනගතකල ග්‍රන්තය කියවීමෙන් පසු ඒ ගැන යම් අදහසක් ලිවීමට සිත්විය.

රෝහණ විජේවීරයන් සහ ජවිපෙ මුල් පෙලේ ක්‍රියාකාරී නායකයින් ඉතා සමීපව ඇසුරුකොට, ඔවුන් සමඟ උරෙන් උර ගැටී මැතිවරණ දේශපාලනය තුලදී මෙන්ම සන්නද්ධ අරගලය තුලදීද එකසේ ක්‍රියාත්මකවී 89 අරගලය අවසානය දක්වාම එහි යාවජීව ක්‍රියාධරයෙක්ව සිට පසුව මරණය කෙස් ගසක දුරකින් තිබියදී වධකාගාරයෙන් පලාවිත් ජීවිතය බේරාගෙන විදේශගතවූ ගාමිණී මුතුකුමාරණ සොයුරා විදේශ රටක දීර්ඝ කාලයක් ජීවත් වෙන අතරතුර ඔහු ක්‍රියාකාරී දේශපාලනය තුලදී අත්විදී දෑ මෙන්ම ඔහුගේ අත්දැකීම් අනුව පරිකල්පනය කල දේවල්ද මේ පොතතුල එලිදක්වා තිබීම අතිශය වැඳගත් වන්නේ අදට නොව හෙටට බව මාගේ හැඟීමයි.

ඒ මක්නිසාදයත් ජවිපෙ සන්නද්ධ අරගලය අළලා බිහිවූ මෙන්ම බිහිවීමට නියමිත වාණිජ අරමුණුවලින් පමණක් වෙස්වලාගත් විවිධ වර්ගයේ පොත්, ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ මෙකී නොකී නිර්මාණයන් හමුවේ වැරදි සහගත අදහස් ජනගතවී ඇති තත්වයක් තුල ඊලඟ පරපුරට එම අරගලයන්වල සැබෑ තතු මොනවාදැයි සහ ඇත්තටම සිදුවූයේ කුමක්දැයි අවබෝධ කරගැනීමට මෙම “මතක ගිනිපුපුරු” ග්‍රන්ථය මහත්සේ පිටුවහලක් වුනු නොඅනුමානය.

එහෙත් රචකයාගේද ඉතිරිවී ඇති එකී දෘශ්ටිවාදයන් මෙන්ම රෝහණ විජේවීරයන්ගේ දේශපාලන පිළිබඳව ඇති දැඩි අනුරාගයද යම්තරමක් දුරකට මේ ග්‍රන්ථයේ විශ්ලේශනාත්මක (analytic) පැතිකඩ ඉදිරිපත්කිරීම සඳහා යම්දුරකට හානි පැමිණවීමක්ද දැකිය හැකිබව මම සිතමි. කෙසේ වෙතත් මේ වියමන බොහෝ දුරකට විශ්ලේශනාත්මක වනවාට වඩා සවිස්තරාත්මක (informative) වියමනක් ලෙස සැලකිය හැකිඅතර මෙහි අන්තර්ගතයට සහ කර්තෘ විසින් යම් යම් සිද්ධිදාමයන් පිළිබඳ දක්වා ඇති තක්සේරුවද ඉතා ඉහල දියුණු මට්ටමකට ඔසවා තබා ඇත.

ඇත්‍ත වශයෙන්ම අතිශය මර්ධනකාරී කාලවකවානුවේදී සිදුවූවායැයි සැලකෙන සිද්ධීන් ගැන යම් පැහැදිලි අදහසක් ඉදිරිපත් කලහැක්කේද, කලයුත්තේද ඒ සිද්ධීන් වලට මුහුන දුන් අයටම බැවින් ඒ අභියෝගය මේ ග්‍රන්තය නිමකිරීමේදී මුතුකුමාරණ සහෘදයා ඉහලින්ම භාරගෙන ඇතිබවක් පෙනේ. මෙහිදී මා දකින වඩාත් යහපත් දෙයනම් කර්තෘ කිසියම්ම වාමංශික කල්ට් එකක් නියෝජනය නොකරමින් නිදහස් චින්තකයෙකු ලෙසින් මේ අභියෝගාත්මක කර්තව්‍යට කරදී තිබීමයි. එසේ නිදහස් චින්තකයෙකු ලෙසින් මේ වියමනට අතගැසීමේදී ඔහු මූලිකවම ඒ ඒ වාමාංශික අධිපති මතවාදයන්ට හීලෑවීම හෝ ඒවායේ දායක සභාවන්ට වගකීමෙන් ඔහු මනාසේ නිදහස්ව මේ කර්තව්‍යට අතගැසීමට ඔහුට හැකිවී ඇත.

එහෙත් ඔහු එකී පවත්නාවූ අධිපති මතවාදයන් වලින් නිදහස් වූවද ඔහුගේම බැහැර නොකරගන්නාලද යම් යම් දෘශ්ටිවාදාත්මක අගතීන්ගෙන් ඔහුටත් සම්පූර්ණයෙන් ගැලවීගැනීමට නොහැකිවී ඇතිබව ඔහුගේ මෙම “මතක ගිනිපුපුරු” අපට කිහිප තැනකදීම මතක්කරදෙයි.

විශේෂයෙන් “දයා පතිරණ” ඝාතනය සඳහා පක්ෂය තීරණය කිරීම ගැනද, ඒවා යම් පමණකට පක්ෂය සඳහා තිබුනු සාධාරණ වියහැකි හේතුලෙස ඒවා මතුකිරීමේදී ඒවා සඳහා කර්තෘවරයා ඉදිරිපත්කරන තර්ක එතරම් පොහොසත් ඒවාහෝ ධනාත්මක ඒවා නොවනබව මාගේ හැඟීමයි. කර්තෘවරයා මේ ඝාතනයට ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ උතුරේ සන්නද්ධ සංවිධාන සමඟ පවත්වාගෙන ගිය ගණුදෙනු සහ ඒවායින් ජවිපෙට ඇතිවූ තර්ජනයන් මෙන්ම ස්වාධීන ශිෂ්‍ය සංවිධානය “රෝ”(RAW) සංවිධානය හෝ එවැනි සංවිධාන වල න්‍යාය පත්‍රයන් වලට අනුව ක්‍රියාකල බවයි. එසේම කොළඹ සරසවියතුල දයා පතිරණලා ගෙනගිය ප්‍රචන්ඩකාරී දේශපාලනයද මීට හේතුවූ බවයි.

එහෙත් ලොවපුරා ආයුධ සන්නද්ධවූ ඕනෑම ව්‍යාපාරයක් ගතහොත් ඒවා අඩුහෝ වැඩි තරමින් ෆැසිස්ට් තත්වයේ පැවතිබව අප කවුරුත් දන්නා කරුණකි. එකී සන්දර්භය තුලදී LTTE වේවා, ජවිපෙ වේවා, කාම්බෝජයේ පොල්පොට් සංවිධානයේ වේවා, නිකරගුවාවේ සැන්ඩිනිස්ටා වේව, පලස්තීනයේ හමාස් හෝ ලෙබණනයේ හිස්බුල්ලා වේවා මේ කී නොකී කුමන සංවිධානයක් ආයුධ සන්නද්ධ වූවද ඔවුන්ගේ පළමු කාර්‍යභාරය වනුයේ ඔවුනට සමාන්තරව පවතින අනෙකුත් සන්නද්ධ කන්ඩායම් ඔවුන්ගේ අනෙකා ලෙස දැකීම ඇරඹීම සහ පළමුව ඒවා සමතලා කිරීම මුඛ්‍යතම කාරණය ලෙස ඒවායේ න්‍යායපත්‍රය තුල තබාගැනීමයි.

අනික් අතට නවසමසමාජය වැනි වාමාංශික පක්ෂවලටත් විශේෂයෙන් දයා පතිරණලාටත් එදා උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා උතුරු නැගෙනහිර සන්නද්ධ තරුණ කංඩායම් වලටද එසේම ජනවාර්ගික ගැටළුව පිළිබඳව ඔවුන්ගේ විසඳුම් ගැනද යම්පමණකට ඇහුම්කන්දීමට විජය සහ දයා පතිරණ මෙන්ම අනෙකුත් වාමාංශික පක්ෂ කංඩායම් තුල තිබූ දියුනු දේශපාලන විඥ්ඥාණය ඔවුන් ඉන්දියාවේ “රෝ” සංවිධානයේ අතකොළු බවට ඌනනය කිරීමෙන් හෝ ඔවුන් ද්‍රෝහීන් බවට ලේබල් කිරීමෙන් අපට ඔවුන්ගේ දේශපාලන ඝාතන සාධාරණීකරණය කලහැකිද යන්න තවදුරටත් පුළුල්ව මේ ග්‍රන්ථය තුලදී කතුවරයා සලකා බැලිය යුතුව තිබිනි.

එහෙත් කර්තෘවරයා මෙම ග්‍රන්ථය තුලින් එසේ නොකරනවා මෙන්ම ඔවුන් ජවිපෙට එරෙහිව අයුධ ගැනීම සහ සතුරාට එකතුවීම ගැන වෛශයිකික තත්වයන් ගැන සැලකීමක්ද නොදැක්වීම මෙහි එක් අඩුපාඩුවක් ලෙස දකිමි. එහෙත් කතුවරයා ජවිපෙට ඉතා පහසුවෙන් මිතුරු පාර්ශවයන් හැටියට දිනාගැනීමට තිබූ සංවිධානයන් මෙන්ම පුද්ගලයින්ද, සතුරු තත්වයේ නොතබා තබාගැනීමට තිබූ පැරණි සඟයන් ගැනද මනා හැදෑරීමක් කොටඇතිබව ඉතාමත් පැහැදිලිව පෙනීයයි. එය ඉතා පැසසිය යුතු කාර්‍යයක් වන්නේ තමාවද අත්ඩංගුවේ සිටියදී පොලුපහර දුන් රංජිත් පීරිස්ද එවැනි ද්‍රෝහී තත්වයකට නොයවා තබාගැනීමට පක්ෂයට තිබූ නොහැකියාවත්, වාස් තිලකරත්නට වෙඩි තැබීමද පක්ෂයෙන් සිදුවූ අනවශ්‍ය ක්‍රියාවක් බවද ඉතාම නොබියව පැවසීමට කර්තෘට තිබූ හැකියාව නිසාය. මේතත්වය සාම්ප්‍රදායික ජවිපෙ ක්‍රියාධරයාව මෙන්ම විජේවීරයන්ගේ උරුමය රැකගෙන යනවායැයි තෙපලන දේශපාලන සංවිධානද මෙම කතුවරයා විසින් පැහැදිලිවම අතික්‍රමනය කල අවස්ථාවක් බව කිවයුතුය. මක්නිසාද යත්, දැනුදු එකී පක්ෂයන්ගෙන් නෙරපූ හෝ සතුරු පිළට එක්වූ අයගැන විමසීමේදී වත්මන් බොහෝ ක්‍රියාධරයින් ගේ අදහස වන්නේද ඔවුන් පට්ට ද්‍රෝහීන් බවයි. නමුත් මෙම “මතක ගිනිපුපුරු” පොතේ කතුවරයා ඉතාමත් නිවැරදි අයුරින් ඒ බොහෝ තැන්වල පෙරලා ඔවුනට පක්ෂයෙන් සිදුවූ යම් යම් අඩුපාඩුකම් පවා දක්වමින් ඒ පිළිබඳව සම්ප්‍රදායික ජවිපෙ ක්‍රියාධරයින් ගේ ආස්තානයන් අභියෝගයට ලක් කරයි. මම මේ ග්‍රන්ථයේ දකින ඉතාම වැඳගත් ලක්ෂණයක් වන්නේද එයයි.

එබැවින් මින්පසු කිසියම් අයෙකු ජවිපෙ එකී ඉතිහාසය අළලා මොනයම්ම හෝ ග්‍රන්ථයක් හෝ ලිඛිත කටයුත්තක් කරන්නේනම් ගාමිණී මුතුකුමාරණ විසින් මතුකරඇති මෙකී අඩුපාඩුකම් සඟවාගෙන ඒවා ඉදිරිපත්කල නොහැකි අයුරින් එම සංවාදය මෙම කතුවරයා විසින් ඉතා ඉහල මට්ටමකින් මේ වියමන මත සලකුනුකොට තබා ඇත. එය ඉතාම අවශ්‍ය කරන්නාවූ කර්තව්‍යයක් වන්නේ ඉදිරි පරපුරේ කාටහෝ මේ ඉතිහාසය ගැන හැදෑරීමේදීය. එබැවින් මේ වියමන වඩාත් වැඳගත් වන්නේ අදට නොව හෙටට බව මා මෙහි මුලදීම සඳහන් කලේ එබැවිනි.

තවද කර්තෘ විසින් මේ ග්‍රන්ථය ලිවීමේදී 87-89 කාලය තුලදී ඇතිවුනු සන්නද්ධ ක්‍රියාමාර්ග වල අඩුපාඩු මෙන්ම සමහර වැරදි තීරණ ඒ ඒ පහල මට්ටමේදී ගත් අනුවන තීරණ බවත්, ඒවා බොහෝවිටදී ඉහල නායකත්වය වලක්වාගැනීමට උත්සාහ ගත් බවක්ද හැඟෙන පරිදි මේ වියමන සකස්කොට ඇතිබවක් පෙන්නුම් කරයි.

එහෙත් මම විශ්වාස කරන අයුරින් නම් ඒ තීරණ සහ ක්‍රියාමාර්ග බොහොමයක්ම ඉහලින් පැනවූ ඒවාම වන අතර ඒවා පහල සථරයන් තුලින් ක්‍රියාත්මක වීමේදි දිගින් දිගටම සිදුවූ අඩුපාඩු ඉහල නායකත්වය විසින් වගකිවයුතු බවත්, ඒවා ඒ ආකාරයෙන් සිදුවීමට නියමිතනම් ඒම තීරණ නොගතයුතුව තිබුනු බවත් මාගේ හැඟීමයි. විශේෂයෙන් යුධහමුදා පවුල් වලට අවසන් කාලයේ එල්ලකල ඉතා නොමේරු තර්ජනය පිළිබඳ තීරණයගැන සලකාබැලීමට හෝ හැකිතත්වයක ව්‍යාපාරය ඒ කාලසීමාවතුල සන්නද්ධ ශක්තිය අතින් ශක්තිමත්ව නොතිබූබව වෙන කාටත් වඩා ඉහල නායකත්වය දැනසිටිබව රහසක් නොවේ.

එසේම “මිලිටරි කළාව” යනුම යම් ඇකඩමික දැනුමක් තුලදී පුරුදු පුහුණු වියයුතු දෙයක් මිස පොත් කියවා අත් හදාබැලිය යුතු දෙයක්ද නොවේ. මර්ධනය මෙහෙයවූ රජයේ හමුදා සහ ඔත්තු ප්‍රධානීන් සියළුම දෙනා ජවිපෙ මර්ධනට සහභාගි වූයේ ඊශ්‍රායලය ඇතුලු දියුනු රටවල මෙන්ම පකිස්තානය වැනි එවකට හමුදාකරණය වුනුරටවල මනාසේ ඇකඩමික පුහුණුව සම්පූර්ණ කරමිනි. එයට ප්‍රතිවිරුද්ධව ජවිපෙට තිබුනේ දයා වන්නිආරච්චි විසින් කියවාතිබූ සහ සමන් පියසිරි විසින් වන්නිආරච්චිගේ යම් යම් න්‍යායික උපදෙස් මත ගොඩනැගූ සහ ක්‍රියාවට නැගූ සන්නද්ධ ක්‍රියාමාර්ග සැකැස්මකි. මෙය රාජ්‍ය බලය ලබාගැනීමට අතිශය දියුණු හමුදාවක් පරාජයකිරීමට කෙසේවත් ප්‍රමාණාත්මක නොවන බවද කිවයුතුය. ඒ පිළිබඳව කතුවරයා කිසියම් විශ්ලේශණාත්මක අදහසක් මේ ග්‍රන්ථය තුලට එකතුකලානම් ඉතා අගනේයයි සිතමි.

කතුවරයා විසින් තමා සමඟ එකට දේශපාලනයේ යෙදුනු සියළු දෙනා පිළිබඳව ඉතා අගනා විස්තරයක් ගෙනැවිත් ඇති අතර විශේෂයෙන් නන්දතිලක අමදෝරු ගලප්පත්ති සහෝදරයා පිළිබඳව අගනා විස්තරයක් ගෙනහැර දක්වයි. මේ සටහන ලියන මාද කෑගල්ල දිස්ත්‍රික්කය තුල 87-88 වකවානුව තුල ජවිපෙ දේශපාලනය කිරීමේදී “අබේ අයියා” නැතහොත් “කළු අයියා” යන නමින් අපගේ නායකයා ලෙස නිතර අප හමුවූ ප්‍රතාපවත් සිරුරක් හිමි තියුනු ඇස් වලින් යුක්තවූ ඒ පුද්ගලයා මේ කතුවරයා කියන නන්දතිලක අමදෝරු ගලප්පත්ති බවට මා සැකහැර දැනගත්තේද මේ “මතක ගිනිපුපුරු” කියවීමෙන් පසුවය. එබැවින් බොහෝ ඉතිහාසයේ නිවැරදි තොරතුරු සමූහයක් සහ යම් යම් සිදුවුනු සිද්ධීන් වල ඒවා සිදුවුනු ආකාරය කතුවරයා මේ කෘතිය නොලියන්නට කාලයේ වැලිතලාවෙන් වැසීයාමටද ඉඩතිබිනි. එබැවින් මේ ග්‍රන්ථය එදා සිටි වාමාංශිකයින් මෙන්ම අද දවසේ ලාංකීය දේශපාලනය තුල ක්‍රියාත්මක වන ක්‍රියාධරයින්ටද එකසේ වැඳගත්වන පොතක් මෙන්ම පවතින සංදර්භය තුලදී දේශපාලනය කරන්නාවූ වාමාංශික කංඩායම් වලටද මගහැර යා නොහැකි අගනා ග්‍රන්ථයක් බවද කිවයුතුය.

අවසාන වශයෙන් මේ “මතක ගිනිපුපුරු” නිර්මාණය කල ගාමිණී මුතුකුමාරණ සොයුරා ගැනද යමක් ලිවීමෙන් මේ සටහන අවසන් කරමි. 1989 අගභාගයේ සිට 1991 සහ 1992 දක්වාවූ කාලවකවානුව තුලදී ජවිපෙ සන්නද්ධ අරගලය පරාජයෙන් පසු ඇතිවූ මර්ධනකාරී තත්වයන් මත ජීවිතආරක්ෂාව පතා තායිලන්තය හරහා බටහිර සහ අනෙකුත් දියුණු රටවල්කරා සේන්දුවුනු ජවිපෙ ක්‍රියාධරයින් ගේ ප්‍රමාණය 180ත් 200 ත් අතර ප්‍රමාණයක් බව තායිලන්තය තුලදී වීසා ලබාගැනීමේ කර්තව්‍යයන් වලට සහයෝගය දුන් අය මා සමඟ පැවසීය. එම ප්‍රමාණයෙන් අදවනවිට දේශපාලන වශයෙන් වැහැරී නොසිට ලාංකීය හෝ ලෝක දේශපාලනය තුල ක්‍රියාත්මක කාර්‍යභාරයක් කරනු ලබන්නේ මෙයින් ඉතාමත් අතලොස්සක් පමණි.

මෙහිදී මේ අතලොස්ස අතරින් ගාමිණී මුතුකුමාරණ සොයුරා විශේෂිත අයෙකු වන්නේ ගතවූ 30 වසරකට නොඅඩු සිය එංගලන්තයේ පදිංචි කාලය තුරාම ඔහු විවිධ අයුරින් ලාංකීය වාමාංශික ක්‍රියාධරයින්ගේ අවශ්‍යතාවන් වලට විවිධ අයුරින් උපකාරිවී ඇති අතර තමන් සමග අතීතයේ උරෙන් උර ගැටී සටන් කල තම සඟයන් කිසිදා අමතක නොකල සටන් සඟයෙකු බව කිවයුතුය. බොහෝ අයට අවශ්‍ය බෙහෙත් හේත් ලබාගැනීමට ඔහු ඉතා උනන්දුවෙන් යුක්තව ඒවාගැන සොයාබැලීය. විශේෂයෙන් රෝහණ විජේවීරයන් ගේ නිවසේ නවාතැන් ගෙනසිටි කරුණා සහෝදරියට අවශ්‍ය බෙහෙත් සහ අවශ්‍ය වෛද්‍ය උපකාර ලබාදීමට පෞද්ගලිකවම මැදිහත්විය. හැකිසෑම විටෙකම ලංකාවට පැමිණ පරණ ක්‍රියාධරයින් මුණගැසී ඔවුන්ගේ ගැටළු වලට හැකිපමණ උදව් උපකාරකරන ලදී. විදේශවල ගිය බොහෝ ක්‍රියාධරයින් තම ඉතිහාසය මකාදමා හැව අරිමින් තම බිරින්දෑවරුනට පවා තමන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වසංකොට හොරරහසේ සුඛෝපභෝගී ජීවිත ගතකරමින් මුහුණු පොතේ පමණක් දාර්ශනික වචන හරඹවල යෙදෙද්දී මුතුකුමාරණ සොයුරා ඔහුට හැකිපමණින් ඔහුගේ සේවයත් උපකාරයත් නොකඩවා ලබාදුන් විදේශවල සිටින පංතිසටන අත්නොහැරි ඉතා ස්වල්පදෙනාගෙන් කෙනෙකුබවද මෙහි සඳහන්කිරීම යෝග්‍ය යැයි සිතමි.

~ රන්ජන සේනානායක
සමාජ හා දේශපාලන විශ්ලේශක
[email protected]

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan