අල්-කුඩ්ස් රෝහල ඉවත් කරන්නැයි ඊශ්‍රායලය දැනුම් දෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගාසා තීරයේ පලස්තීන Red Crescent සංගමය පවසන්නේ, ගාසා නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන අල්-කුඩ්ස් ඉවත් කරන ලෙස ඊශ්‍රායලය ඔවුන්ට දන්වා ඇති බවයි. නමුත් එය ඉතා දුෂ්කර තීරණයක් බවද ඔවුන් පෙන්වා දෙයි.

එම සංවිධානය පවසන්නේ, රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ ඉන්කියුබේටර්වල ළදරුවන් සිටින අතර ඔවුන් ගෙනයාමට නොහැකි බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සාමාන්‍ය වැසියන් 14,000ක් පමණ රෝහලේ සහ එහි භූමියේ නවාතැන් ගෙන සිටින බවයි.

ත්‍රස්තවාදීන් විසින් ඊයේ ( 29) දිනයේ ද ගාසා තීරයේ බොහෝ පිරිසක් මරා දැමූ බව ඊශ්‍රායලය වාර්තා කරන අතර රෝහල් ප්‍රදේශයට දවස පුරා ගුවන් ප්‍රහාරද එල්ල වූ බවද පැවසේ.

මේ වනවිට සහනාධාර රැගෙන ගිය ට්‍රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දී ඇති බවද වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයන් 1,400 ක් මරුමුවට පත් වී ඇති අතර , පුද්ගලයන් 230 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් ඇති බවයි. ඔක්තෝබර් 7 දා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනන්නේ, ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

මේ අතර ගාසා තීරයේ බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන සම්බන්ධතා අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරමින් සිටින අතර, ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා තවත් හමාස් ඉලක්ක සිය ගණනකට ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.

එමෙන්ම ගාසා තීරයේ මෙහෙයුම් ක්‍රමයෙන් පුළුල් කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...