මැකාවෝ හී 75වන චීන සැමරුමට ආදිවාසි තරුණයෙක් ලංකාවෙන්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ (LNW):

‘මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සහ මැකාඕ විශේෂ පරිපාලන කලාපය පිහිටුවීමේ 25 වැනි සංවත්සරය පාදක කර ගනිමින් පැවත්වෙන “2024 Galaxy Entertainment Macao International මැරතන්’ තරගය දෙසැම්බර් 01 වන දින පැවත්වෙන අතර එම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මධුශානි හේරත් සහ ටී.ඩබ්ලිව්.රත්නපාල සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

දෙදෙනාම වර්ථමානයේ ජාතික මැරතන් සූරයින් ලෙස කේෂ්ත්‍රෙය් කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබෙන අතර දෙදෙනාගේම පුහුණුකරු වන්නේ සජිත් ජයලාල්ය.

රත්නපාල ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා කේෂ්ත්‍රෙය් මෙන්ම ක්‍රීඩා කේෂ්ත්‍රෙය්ද සුවිශේෂී චරිතයක් වන අතර ඔහු ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වීමෙන් ත්‍රිවිධ හමුදාවකට ක්‍රීඩාව වෙනුවෙන් එකතු වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අවධානයට ලක් වී ඇත.එසේම ජාතික සූරතාවයක් දිනා ගනිමින් සහ ශ්‍රී ලංකාව නියේජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග සඳහා සහභාගි වූ පළමු ආදි වාසි ක්‍රීඩකයා වන්නේ ද රත්නපාලය
ජානමය වශයෙන් වන අනන්‍යතාවය පදනම් කරගෙන ආදිවාසී ප්‍රජාව ක්‍රීඩාව කරා වැඩි වශයෙන් යොමු කර ගැනීමට හැකිනම් ඉන් විශාල ප්‍රයෝජනයක් ගත හැකි අවස්ථාවන් තිබෙන බව පැහැදිළි කර ගැනීමට රත්නපාල පැහැදිළි සාධකයක් වන අතර ඔහුගේ සාර්ථකත්වය හරහා එම ප්‍රජාව වැඩි පුර ක්‍රීඩාවට යොමු කර ගැනීමට වැඩ පිළිවෙලක් සැකසිය හැකිනම් එය රටට වැදගත් වනු ඇත.රත්නපාල පාසල් අවධියේ දී හෙනානිගල දකුණ විද්‍යාලයෙන් ක්‍රීඩාවට පිවිසි ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ මුල් පුහුණුකාරිය වන්නේ චාන්දනී රොඬුපැලන්ද යි.


මේ සටහනට අදාළ ඡායාරූපවල රත්නපාල,මධුශානි සහ පුහුණුකරු සජිත් මෙන්ම රත්නපාල මහියංගනයේ දී ජාතික මැරතන් සූරතාවය දිනා ගත් අවස්ථාවේ එම පවුලේ සාමාජිකයින් සමඟ එක් වූ අවස්ථාවක් ද වේ.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය