හිටපු ජනපති කියන කතාව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ (LNW):

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවයි.

“ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉවත් කරනවාලු. මට ප්‍රශ්නයක් නෑ. මම ගෙදරක නෙමෙයි ඉන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොනවට ද චන්ද්‍රිකා මැඩම්ව පන්නන්නේ. එයාට ඔය ගෙදර දෙන්න ඉන්න. මට විශේෂ දෙයක් නෑ. ඒත් මනුස්සකමට. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජීවිතයට ආරක්ෂාව වුවමනාන්නම්, යුද්ධය අවසන් කරපු කෙනාට ඒ්ක හිතලා බලන්න. අද ඔක්කොමල්ලා කෑ ගහනවා එකම දේ කියලා. ඒක වෙන එකක්. අද ජනප්‍රිය නෑ මිනිස්සු අතර. ආරක්ෂාව ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දෙන්න ඕනේ කාටවුණත්. ඒක නවත්තන්න එපා. අනිත් අයට දෙන්නකෝ. මගේ ඒවා ඔක්කෝම අයින් කරන්නකෝ. දැන් මට‌ නේ බනින්නේ. කෝටි 120ක් තියෙනවා නේ චීස් කාලා, කජු කාලා. ඒකට කමක් නෑ. දැන් දීලා තියෙනවා නේ පඩි වැඩි කරනවා කියලා. කියපු ඒවා කරන්නකෝ ඔක්කෝගේම සහයෝගය තියෙනවානේ. මම කිව්වේ මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...