හිටපු ජනපති කියන කතාව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ (LNW):

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවයි.

“ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉවත් කරනවාලු. මට ප්‍රශ්නයක් නෑ. මම ගෙදරක නෙමෙයි ඉන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොනවට ද චන්ද්‍රිකා මැඩම්ව පන්නන්නේ. එයාට ඔය ගෙදර දෙන්න ඉන්න. මට විශේෂ දෙයක් නෑ. ඒත් මනුස්සකමට. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජීවිතයට ආරක්ෂාව වුවමනාන්නම්, යුද්ධය අවසන් කරපු කෙනාට ඒ්ක හිතලා බලන්න. අද ඔක්කොමල්ලා කෑ ගහනවා එකම දේ කියලා. ඒක වෙන එකක්. අද ජනප්‍රිය නෑ මිනිස්සු අතර. ආරක්ෂාව ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දෙන්න ඕනේ කාටවුණත්. ඒක නවත්තන්න එපා. අනිත් අයට දෙන්නකෝ. මගේ ඒවා ඔක්කෝම අයින් කරන්නකෝ. දැන් මට‌ නේ බනින්නේ. කෝටි 120ක් තියෙනවා නේ චීස් කාලා, කජු කාලා. ඒකට කමක් නෑ. දැන් දීලා තියෙනවා නේ පඩි වැඩි කරනවා කියලා. කියපු ඒවා කරන්නකෝ ඔක්කෝගේම සහයෝගය තියෙනවානේ. මම කිව්වේ මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...