උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක මෙතෙක් වාර්තා වී ඇති දිගම පියාසැරිය අත්විඳියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව විනාඩි 86ක පියාසරියක් සහිතව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්(ICBM) අත්හදා ඇති බව වාර්තා වේ.

මෙම මිසයිලය කිලෝමීටර 7,000 (සැතපුම් 4,350) තරම් ඉහළට ළඟා වී ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති දිගුම පියාසැරිය වශයෙන් හඳුනා ගැනේ,

මෙම දියත් කිරීම එක්සත් ජාතීන්ගේ සීමාවන් උල්ලංඝණය කර ඇති අතර දියත් කිරීමට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාවට නව සම්බාධක පනවන බව දකුණු කොරියාව ප්‍රකාශ කර ඇති අතර උතුරු කොරියානු නායක කිම් ජොං සඳහන් කර තිබුණේ, මෙම අත්හදබලිම සිය සතුරන්ට ප්‍රතිචාර දැක්වීමට මෙය අවශ්‍ය ක්‍රියාමාර්ගයක් බවත්, උතුරු කොරියාව එහි න්‍යෂ්ටික ශක්තිය වර්ධනය කර ගැනීම කිසිවිටෙක නවත්වන්නේ නැති බවය.

මිසයිල දියත් කිරීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව හා ජපානයේ නියෝජිතයන් හමුව ඇති අතර උතුරු කොරියාවට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සාකච්ජා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...