රිය අනතුරක්, තුවාල ලැබූ 7 ක් රෝහලට!

0
247

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ (LNW):

අද (31)දින සවස,කොල්ලුපිටිය දෙස සිට කොටුව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් හා කොටුව දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුර හේතුවෙන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර යතුරුපැදියේ රියදුරුගේ තත්ත්වය බරපතල වන බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ පස් දෙනෙකු සිට ඇති අතර යතුරුපැදියේ දෙදෙනෙක් ගමන් කර ඇත.

පොලිසිය, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසේ.