අනුරත් ජනතාව රැවැට්ටුවා – සජිත්

Date:

කොළඹ LNW:අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත් වු පසු පොරොන්දු වු සහන අපේක්ෂා කළත් ඒවා ඉටු නොවු බවත් විදුලි බිල 66%කින් අඩු කිරීම බඩු මිල අඩු කිරීම සිදු කරන බව කිව්වත් එයද සිදු නොවු බවත් පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්වත් එයද ඉටු නොවු බවත් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඔවුන් කර ඇත්තේ ජනතාව රැවටීම බවයි ප්‍රේමදස මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයා කියු ආකාරයට විදුලි බිල 66% අඩු කර බඩු මිල අඩු කර බදු අඩු කරන ලෙස අභියෝග කරන බව ඔහු ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ මැද කොළඹ දී පැවැති ජන හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා කියාසිටියේ පීඩනයෙන්, අසහනයෙන් සිටින බහුතර ජනතාවට දෙනවා කියු සහන නොදුන් අතර ගැටලුවලට විසදුම් දීමට නොහැකිව රජයත් ජනතාවත් අසරණ වී ඇති බවයි.

එසෙම මැතිවරණ වේදිකාවේ කියු කිසිම බදු අඩු කිරීමක් නොවූයේ එම බදු අඩු කිරීමට IMF එකගතාව නොලැබුණු නිසා බවද සමඟි ජන බලවේගයේ නායකයා කියාසිටියේය. IMF සමාලෝචනය පවා කල් දමා ඇති බවයි ප්‍රේමදාස මපැවසුවේ.

වත්මන් ආණ්ඩුව IMF එකේ පදේට නටන්නෑ කිව්වද IMF මේ වන විට ඔවුන් පදේට නටන රුකඩයක් වුවත් සමගි ජන බලවේග රජයක IMF සමග සාකච්ඡා කර බදු බර, බඩු මිල හා විදුලි බිල අඩු කරන බවත් නව IMF ගිවිසුමකට යන බවත් එම නිසා කයිවාරුකාරයින්ට නොරැවටෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...