දකුණු ආසියානු කුසලානය බංගලාදේශයට අවසාන තරගයට ලංකාවෙන් දෙන්නෙක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 31,(LNW) කොළඹ :

දකුණු ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ නවතම සූරියන් වන්නට බංගලාදේශය සමත් වුණා.නේපාලයේ පැවති තරගාවලියේ අවසාන තරගයේදී බංගලාදේශය,නේපාලයට එරෙහිව ගෝල 2-1 ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුණා.දෑස් ඉදිරිපට සිය රට පරාජය වෙනු දකින්නට ක්‍රීඩා පිටිය ඉතිරෙන්නට තරම් රැස්ව සිටි නේපාල පාපන්දු ලෝලීන්ට සිඳු වුණත්,ඉතා හොඳ තරගයක් දැක ගැනීමේ අවස්ථාවක් දැක ගන්නට පිටිය වටා රොක්ව සිටි පාපන්දු ප්‍රේමී සියල්ලන්ට ඉඩ ලබා දෙන්නට දෙපිළේ දක්ෂතා සමත් වුණා.


ශ්‍රී ලංකාව ද දකුණු ආසියානු කාන්තා අවසාන තරගයට සම්බන්ධ කරන්නට තරගයේ දෙවන විනිසුරුවරිය ලෙස කටයුතු කළ මධුශානි මාලිකාට සහ අතිරේක විනිසුරුවරියක්ව කටයුතු කළ පබසරා මිනිසරිනිට හැකියාව ලැබුණා.මාලිකා දැනට පාපන්දුව හරහා ම ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වී රාජකාරි කරන අතර ඇය රත්නපුර,පල්ලෙබැද්ද ප්‍රදේශයට අයත් බලවින්න උපන්,රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාලනය ලැබූ සහ ක්‍රීඩාවට සම්බන්ධ වූ අයෙක්ය.


අවසාන තරගයේ පළමු අර්ධයේ කිසිඳු ගෝල දිණුමක් වාර්තා කරන්නට දෙපිළටම හැකියාව ලැබුණේ නැතත් දෙවන අර්ධයේදී බංගලාදේශය ගෝල දෙකක් සහ නේපාලය එක් ගෝලයක් ලබා ගන්නට සමත් වුණා.තරගයේ ගෝල ලබා ගැනීම අරඹමින් මොනිකා චක්මා බංගලාදේශයට පළමු ගෝලය ලබා දුන් අතර තරගාවලියේම දකින්නට ලැබුණු දර්ශනීයම ගෝලයක් එකතු කරමින් බංගලාදේශ දෙවන ගෝලය ලබා ගත් රිතූ චක්මා තරගාවලියේ දක්ෂතාම ක්‍රීඩිකාව ලෙස ද ඇගයීමට ලක් වුණා.බංගලාදේශය ලැබූ මෙම ගෝල දෙක අතර මැද නේපාලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කරන්නට අනිෂා කාර්කි සමත් වුණා.


තරගවෙලියේ දක්ෂතම දැල රකින්නිය බවට පත් වුණේ බංගලාදේශ දැල රකින්නිය වන රුප්නා චක්මායි.වැඩිම ගෝල ලාභිණිය හැටියට ඇගයීමට පත් වීමට තරගාවලිය පුරා ගෝල 8 ක රැස් කරන ලද භූතානයේ ඩෙකී ලාෂෝම් සමත් වුණා.තරගාවලියේ විනයගරුකම කණ්ඩායම ලෙස ඇගයීමට පාත්‍ර වුණේ ද භූතාන කණ්ඩායමයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...