අවසානයට අප්‍රිකානු සහ ආසියානු මහද්වීප

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 31,  කොළඹ LNW:

ක්‍රිකට් අප්‍රිකානු මහද්විපයට සහ ආසියානු මහද්වීපයට ලැබෙන්නේ යටත්විජිත භාවයේ සංකේතයක් ලෙසය.අධිරාජ්‍යවාදී පාලනයේ බලපෑම සහ පීඩාව යටතේ දරා උන් මිනිසුන් සිය දරා ගැනීම,අභියෝග භාර ගැනීම දම ඉවසීමෙන් සැළසුමෙන් ජයග්‍රහණය කිරීම ප්‍රගුණ කර ඒවා සිය ජාන තුළ තැන්පත් කර ගන්නට ඇත.


මේ ගැන සිතන්නට කරුණු ක්‍රිකට් හිමිකාරීත්වය පැවරෙන පුරෝගාමී එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට පිළිවෙළින් දකුණු අප්‍රිකාව ඉදිරියේ සහ ඉන්දියාව ඉදිරියේ විඳින්නට වූ පරාජයන් සමඟ මතු වී තිබිණ.එංගලන්තය ඉදිරියේ පළමු තරගය ලකුණු 69 ට දැවී යමින් තරගාවලිය ආරම්භ කළ දකුණු අප්‍රිකාව එංගලන්තයම පරදා අවසන් තරගයට පිවිසියේය.ඒ ආකාරයෙන්ම ලකුණු 331 ක් ලබා එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට නොහැකිව ඔස්ට්‍රේලියාව ඉදිරියේ පරාජය වූ ඉන්දියාව අවසාන පූර්ව තරගයේ දී ඔස්ට්‍රේලියාවට ලකුණු 331 ක් ලබා ජය ගැනීමට ඉඩ නොතබමින් තවත් පන්දු නවයක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 341 ක් ලබා සිය සත්කාරකත්වය යටතේ පැවත්වෙන තරගාවලියේ එක් පසෙකින් ඉන්දීය ධජය ලෙලදෙවන්නට සමත් විය.


සම සත්කාරකත්වය දරන ලද ශ්‍රී ලංකාව අසාර්ථක වූයේ වැඩිපුර වර්ෂාව නිසා සහ සිය පන්දු රැකිමේ දුබලතා නිසාය.පිතිකරණයේදී දැඩි මන්දගාමී බවක් පෙන්නූ ශ්‍රී ලංකාව කඩුලු අතර දීවීමේදී වේගවත් නොවීම නිසා ද,එය හේතු කරගෙන වැඩි නිපන්දු ප්‍රමාණයක් සටහන් කිරීම නිසා ද ඉදිරියට යාමට නොහැකි විය.ඉන්දියාවට මෙම පළමු තරගයේ ජයග්‍රහණයට ඉඩ සකස් කළේ ශ්‍රී ලංකාවේ එම දුර්වලතා මිස ඉන්දියාව ඒ තරගය තුළ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිම නොවේය.


එහෙත් ඔස්ට්‍රේලියාවට එරෙහිව සටන් කළ ඉන්දියාව ඊට වඩා ආකල්පමය වශයෙන් ලත් හැකියාව පිළිබඳ විශ්වාසය සහ සටන්කාමීත්වය මත සිටියේ ශ්‍රී ලංකාවට පළමු තරගයේ හමු වූ ඉන්දියාවට වැඩිය ඉදිරියෙන්ය.එහෙත් ලකුණු 339 ක් වූ වාර්තාගත ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ලබා ගැනීමේ විශ්වාසය තහවුරු කරන ලද පිතිකාරිණිය බවට පත් වෙමින් ජෙමීමා රොඩ්‍රිගෝස් නොදැවී රැස් කළ ලකුණු 127 ක ඉණිම ලකුණු 82 දි නවතා ගන්නට ඔස්ට්‍රේලියාවට ලැබුණ අවස්ථාව ඇලීසා හීලි අතින් ගිලිහී යාම තරගය ජය ගන්නට ඔස්ට්‍රේලියාවට තිබුණු ඉඩ සියල්ල ඇහිරී යාමේ අවස්ථාව විය.එම මොහොතේ ලකුනු පූවරුව දිස් වූයේ ලකුණු 206 ට කඩුලු 2 ක් හැටියටය.එම අවස්ථාව ගිලිහී ගිය අතර ලකුණු තවත් 14 ට පසුව ජෙමීමාට අනගි සහයක් වෙමින් ප්‍රහාරක වේගය රඳවාගෙන සිටි නායිකා හර්මජිත් කොවුර් පන්දු 89 දී ලකුණු 89 ක් ලබා දැවී ගියාය.


ජෙමීමා අපූරුවට කණ්ඩායම දරා උන්නාය.ඒ බර ඇය අත රඳවා ගනිමින් ප්‍රවේගකාරීත්වය අන් සාමාජිකයන් වෙත පවරා දුන්නාය.හර්මජිත්ගෙන් පසුව දීප්ති ෂර්මා හිස් තැන අපූරුවට පුරවමින් සිටියදී අලස දිවීමක ප්‍රතිපලයක් ලෙස දුවද්දී දැවී ගියද ඇය විසින් පන්දු 17 දී ලකුණු 24 ක් ලබා සිටියාය.සිව්වන කඩුල්ලේ සබඳතාවය 38 ක් විය.ඉනික්බිති රිචා ගෝස් පන්දු 16 න් ලැබූ ලකුණු 26 ය.පස්වන කඩුල්ලේ සබඳතාවය 46 ක් විය.දිප්ති සහ රිචා මෙන්ම මෛ් තරගාවලියේ ඉන්දියාව වටිනාකම දැනගත් තුන් ඉරියව් ක්‍රීඩිකාව අමන්ජෝට් කෝර් ද පන්දු 8 දී ලකුණු15 ක් ලබා ජයග්‍රහණය වාර්තා වන විට නොදැවී කඩුල්ලේ උන්නාය.ඇය සහ ජෙමීමා අතර නොබිඳි සබදතාවය ලකුණු 31 ක් විය.
නායිකාවක ලෙස ඔස්ට්‍රේලියාවට කිරුළ අහිමි කර ගැනීමට වඩා ඇලීසා හීලි දුක්වනු ඇත්තේ තරගය ගිලිහුණේ තමන්ගේ සුරතින් බව දැනෙන විටය.අවසාන තරගයට හෝ කණ්ඩායම ගෙන ඒමට අපොහොසත් වූ නායිකාවක ලෙස ය.තරගාවලිය පුරාම රැකගෙන සිටි අපරාජිත බව නිසා අවසාන තරගය මෙන්ම අපරාජිත බව ද තමන්ගේ දෑතින් ලිස්සා ගිය ඇයට දැනෙන නිසාය.එසේම පෞද්ගලිකව ඇයට මෙම ගිලිහී යාම සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය අවසන් කරන්නට තිබුණ හොඳම විදිහ අහිමි කිරිම ගැන ද කම්පාවක් දැනෙනු ඇත.


ඇය අවසානයේ ජය ගැනීමට හැකි අවස්තාවන් නිර්මාණය කර ද එයින් ඔස්ට්‍රේලියාවට ප්‍රයෝජන ගැනීමට නොහැකි වූ බවට පසුතැවීමෙන් අදහස් දැක් වූවාය.එම පසුතැවීමට හේතුවන වැරදි අතර තමන්ගේ වැරද්දක්ද ඇති බව ද ඇය පැවසුවාය.
ඇය මෙන්ම තවත් අයගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය වූ මේ තරගාවලියට පසු අලුත් පරම්පරාව සිඳු වූ වැරදිවලින් ඉගෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කීඩාව වර්ධනය කරනු ඇති බව කි හීලි,අලුත් පරම්පරාව නියෝජනය කරමින් මේ තරගයේදී විශිෂ්ඨ ශතකයක් රැස් කළ 22 හැවිරිදි පොබී ලිට්ච්ෆිල්ඩ් ගැන කතා කරමින් ඇය ඉණිම දියත් කරන හැටි දකින්න ආස හිතෙන එකක් බව අවධාරණය කළාය.
තරගාවලියේ මුල් තරග කිහිපයම ඉන්දියානු කණ්ඩායමට බරක් වී ලකුණු සොයමින් සිටි ජෙමීමා ලකුණු අතරට එ්ම ඉන්දියාවට හොඳ තල්ලුවක්ය.ඇය මුහුණ දුන් අවසාන තරග දෙකේම සාර්ථක වී අවසාන තරගයට පිවිසීම ඉන්දියාවට සැනසුමක්ය.අවශ්‍යය මොහොතේදී නායිකාවගේ වගකීම ඉටු කරන්නට වගකීම ගන්නා හර්මජිත් කෝර් යම් ආකාරයකට ගාම්භිර් පන්නයේ ආඩම්බරකාරියක සේ දිස් වුණ ද ඇය සැබෑ නායිකාවක්ය.තීරණාත්මක මොහොතේදී තරගය කියවා ගැනීමේදී තමන්ට සහයට ගත හැකි උප නායිකාවක් ලෙස ඇය ස්ම්‍රිතා වෙත ඇහුං කං දීමේ වැදගත්කම ඊයේ විස්තර විචාරකයන් ඉහළින් අගය කළාය.


හොඳම උදාහරණය වූයේ ජෙමීමා මෙන් ඔස්ට්‍රෙලියා ඉණිම දරා ගනිමින් සෙස්සන් මෙහෙයවමින් සිටි එලීසා පෙරී දවා ගැනීමට ස්ම්‍රිති කළ යෝජනාව අනුව පන්දු යැවීමට රාධා යාදෙව්ගේ කැඳවීමය.රාධාගේ දෙවන පන්දුවටම කාලය මැන ගැනිමේ වරඳට වග කියා කෙළින්ම කඩුල්ලේ වැදුණු පන්දුවකින් පෙරි දැවී ගියාය.එසේම අනවශ්‍යය ලෙස කළබල වීම නිසා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් තිදෙනෙකුම දුවද්දී දැවී ගියාය.ඉන්දීය පන්දු රැකීම එතරම් යහපත් මට්ටමක නොතිබිණ.එහි ප්‍රතිපලය ලෙස ඔස්ට්‍රේලියාවට ලකුණු 338 ක් ලබා ගැනීමට හැකි විය.ඉන්දියාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටි ඔස්ට්‍රේලියානු පන්දු රැකීම හමුවේ එහෙත් ඉන්දීය පිතිකාරිණියන් අවශ්‍යය ඉලක්කයට ගියේය.එසේම ඒ අතර අවශ්‍යයම මොහොතේ හීලි විසින් බිම හෙළන ලද උඩ පන්දුවට දඬුවමක් ලෙස පරාජය තහවුරු කර ගන්නට ද සිඳු විය.
එහෙත් සෑම අතකින්ම පිරුණු තරගයක් වූ ඉන්දීය – ඔස්ට්‍රේලියා තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරයට ලිංග බේදයක් නැති විශිෂ්ඨත්වයක් හිමි බව සහතික කළ තරගයක් විය.පිරිමි ක්‍රිකට් සහ කාන්තා ක්‍රිකට් ලෙස දොකොටසක් වී තිබෙන ලෝක ක්‍රිකට් රසිකත්වයට එම බෙදීමේ සළකුණ ඉවත් කර සමාන ලෙ සියළු ක්‍රිකට් සැළකීමට කළ ආරාධනයක් විය.එය සජිවීව විඳ ගැනීමට නොහැකි දෝමනස්සයක් ක්‍රිකට් නරඹනනේකුට ඇති කරන තරමේ බලපෑමක් ඇති කළ ක්‍රිකට් හී චමත්කාරය තිබුණ තරගයක් විය.අවසාන තරගය ද මේ ආකාරයේම උණුසුම දැනෙන,ක්‍රිකට් රස පිරුණ ඉතිරුණ තරගයක් වන්නේනම් අපූරුය.දකුණු අප්‍රිකාව ඒ අපූර්ත්වය බෙදීමේදී ඉන්දියාව මේ අවසාන පූර්ව තරගයේදී ප්‍රබල ඔස්ටේලියාව පරාජය කළ ද,දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියාවට වඩා ඉන්දියාව අමාරුවේ දමන්නට හොදටම ඉඩ ඇත.
ඉන්දීය ඔස්ට්‍රේලියා ලකුණු පූවරුවට පිවිසෙන්න.
https://bit.ly/47wfnb7

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UDA ප්‍රධානියා On’ally Holdings හි නව සභාපතිවරයා ලෙස පත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉදිකිරීම් සහ ජල...

කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති...

පොදු විපක්ෂයෙන් කොත්තුවක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ රාශියක් එකතුවී සන්ධානයකුත් නොවන සන්ධානයක්...