මෙරට ආයෝජනය කිරීමේ අරමුණින් චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10ක් දිවයිනට !

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :

චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ. ඒ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට දායකත්වය දැක්වීම ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා බව වාර්තා වේ.

ඔවුන් චීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන ” සේද මාවත” වැඩසටහන යටතේ පැමිණ තිබු බව වාර්තා වේ.මෙම චීන ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය , කෘෂි , වානිජ , වාරි යන අංශ වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා ආයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ආයෝජකයන් පිරිස ඊයේ (30) දින රාත්‍රී 06.00 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර, ඔවුන් පිළිගැනීම සදහා මෙරට චීන ව්‍යාපෘති සම්බධීකරණය කෙරෙන පෞද්ගලික ආයතනයක නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...

ආපදාවෙන් අඩාල වූ ජනජීවිත ගොඩගන්න රු. බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:හෙට (18) දින පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි...

ලෝක කුසලානය නිමාවන තෙක් පන්දු රැකීම පුහුණු කරන්නට ශ්‍රීධර් එයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ නව...

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...