රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :
ඊයේ (30) සවස වන විට ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්මවා ඇති බව වාර්තා වේ. 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළගා වෙමින් පවතින බව පැවසේ.
ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්ථාගත ආදායම ලබා ඇති අතර,මේ ආදායමට මෝටර් රථ වලින් ලබා ගත් රුපියල් බිලියන 630ක් අන්තර්ගත වී ඇත.
වසර අවසාන වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300 ක් පමන අතිරේකව එක් රැස් කරගත හැකිවනු ඇති බවට විශ්වාස කරන බව රේගුව පවසයි.
