පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී සිය විධායක සභාව රැස්වී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව, පාන් ගෙඩියක මිල රුපියල් 10 – 20 අතර ගණනකින් අඩු කෙරෙනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
ආනයනික තිරිඟු පිටි ප්රමාණවත් පරිදි වෙළඳපොලේ ඇති හෙයින් මෙසේ පාන් මිල අඩු කරන බව පැවසූ එම සංගමය අද දිනය තුළ එහි අවසන් තීරණය නිවේදනය කරනත් බවත් ප්රකාශ කරයි.
RN