දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/31

Date:

1. දකුණු කොරියාවේ සෝල් නුවර හැලොවීන් උත්සවයකදී හටගත් මිනිස් තෙරපීමකින් 26 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මිය යයි – වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 151 ක් සහ තුවාල ලැබූවන් 80 කි.

2. “සංවේදී තොරතුරු මුවාවෙන්” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි යෝජනා තම කමිටුව සමඟ බෙදා නොගැනීම පිළිබඳව බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සිය අවධානය යොමුකරයි – හර්ෂ ද සිල්වා යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහනක් ලබා ගැනීම සඳහා ප්‍රභල වශයෙන් අධිවාචනය කළ පුද්ගලයෙකි – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ඉල්ලා මාස 7 1/2 ක් ගතව ඇති මුත් තවමත් අරමුදලක් ලැබී නැත – ජනතාව මත දැඩි බර නම් පටවා තිබේ.

3. කුකුළු නිශ්පාදන කර්මාන්තය, සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකට, සහ ආනයනය කිරීමේ දුෂ්කරතාවලට මුහුණ දෙන බව සමස්ත ලංකා කුකුළු ගොවීන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කරයි – කුකුළු නිෂ්පාදන ලබන වසරේ මුල සිට හිඟ විය හැක.

4. “අරගලය” විරෝධතාවයේදී හානි වූයේ යැයි කියන ජනාධිපති මන්දිරයේ ගොඩනැගිලි අලුත්වැඩියාව සඳහා ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 364.8 ක් බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පවසයි – ගෘහ භාණ්ඩ, ඓතිහාසික සිතුවම්, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානවල උපකරණ සහ වාහනවලට සිදු වූ හානි මෙයට ඇතුළත් නොවේ.

5. වෛද්‍ය පර්යේෂණ ආයතනයට අනුබද්ධ කීට විද්‍යාඥයන් කණ්ඩායමක් තවත් නව මදුරු විශේෂ දෙකක් හඳුනා ගනී: මෙම විශේෂ දෙක Culex cincetellus සහ Culex near infula වේ.

6. වනජීවී නීති උල්ලංඝණය කරමින් යාල වනෝද්‍යානයේ “මාර්ගයෙන් පිටත පාරෙහි” රිය පැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීරගේ බෑණනුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත – වාහනයක් පදවා නැතිවූව ද සැකකරු අත්අඩංගුවට පත්වූයේ “වනජීවී උද්‍යාන නීති උල්ලංඝනය කිරීමට සම්බන්ධ පාර්ශවකරුවකු වීම” යන චෝදනාව මතයි – රු. 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

7. බංග්ලාදේශයේ මහ බැංකුව වන බංග්ලාදේශ බැංකුව එම රටේ සියලුම බැංකුවලට “මුදල්” ගනුදෙනු සඳහා පමණක් යොමු වන ලෙසත් ශ්‍රී ලංකා බැංකුවලට ණය ලබා නොදෙන ලෙසත් උපදෙස් දෙයි – විශ්ලේෂකයන් පවසන්නේ මෙම පියවර 2022 අප්‍රේල් 12 වන දින කඩිමුඩියේ ප්‍රකාශයට පත් කරන ලද අනවසර “ණය පැහැර හැරීමේ” තවත් ප්‍රතිවිපාකයක් බවයි.

8. උඩරට සම්භවයක් ඇති දෙමළ ජනයාට අන් සියල්ලන්ටම සමාන තත්ත්ව සහ වරප්‍රසාද භුක්ති විඳීමට හැකිවන පරිදි සමාජයට ඒකාබද්ධ කිරීමේ ක්‍රම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කමිටුවක් යෝජනා කරයි.

9. ශ්‍රී ලංකාව GSP+ සහනය තවදුරටත් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින විට, රටේ මානව හිමිකම් සහ දේශපාලන තත්ත්වය තක්සේරු කරන බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට රජය දුන් පොරොන්දුව සැලකිල්ලට ගන්නා බවත් යුරෝපා සංගමය තම නායකත්ව මණ්ඩලයට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ප්‍රකාශ කරයි.

10. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය රු. ලක්ෂ 2 සිට රුපියල් මිලියන 1 දක්වා සියයට 500 කින් වැඩි කිරීමට පාර්ලිමේන්තු සභා කමිටුව තීරණය කරයි – මීට අදාළ අනුමැතිය ඉල්ලා කතානායකවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...