හෙට (01) දහවල් 12ට කොළඹට එන විදුලි සේවකයෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, හෙට (01) දින සියලු විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ රංජන් ජයලාල් මහතා,

“ආණ්ඩුව සුදානම් වෙනවා ලංකා විදුලි බලමණ්ඩලය විදෙස් සමාගම් 14කට විකුණන්න. දැනට තොරතුරු ලැබිලා තියෙනවා අද කැබිනට් එකට දාලා අනුමාත කරගන්න යනවා කියලා. විදුලි බලමණ්ඩලය සතුව බෙදාහැරීමේ අන්ත තියෙනවා හතරක්. මේ හතරයි ලෙකෝ සමාගමේ සතු බෙදාහැරීම් පද්ධතියයි ඉන්දියානු ටාටා සමාගමට විකුණාන්න යනවා කියන තොරතුර අපට ලැබි තියෙනවා. සම්ප්‍රේෂණ අංශය අදාළ සමාගමට දෙන්න කටයුතු කරලා තියෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය චීන සමාගමට විකුණන්න සියලු කටයුතු සුදානම් කරලා තියෙනවා කියලා අපිට තොරතුරක් තියෙනවා. ඉතිරි සමාගම් හය ජල විදුලි බලාගාරයි, තාප බලාගාරයි වෙන් කරලා විකුණා දැමීමට කටයුතු කරමින් තිබෙනවා. බලාගාර වෙන වෙනම දෙන්න යනවා නොවැම්බර් 01 වෙනිදා කියලා කියන්නේ ලංකා විදුලි බලමණ්ඩලය ස්ථාපිත කරලා 54 වැනි සංවාස්සරය. එදිනට අපි සියලු සේවකයින්ට කොළඹට එන්න කියලා තියෙනවා. දිවයින පුරා බලාගාර කාර්යාල සියලුම සේවකයෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දහවල් 12 ආරම්භ කරනවා.”

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව හෙට පා ගමනක් සංවිධානය කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කළ අතර, වැඩි කළ විදුලි බිලට එරෙහිව ඊයේ (30) රාත්‍රියේද ප්‍රදේශ කිහිපයක පන්දම් රැගෙන ජනතාව විරෝධතාවල නිරත වූ බවද දැකගන්නට ලැබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...