*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

රනිල් මහත්තයා අමුතු දෙයක් කළේ නැහැ. ගෙවන්න තියෙන ණය කල් දැම්මා – චම්පික

කොළඹ LNW:ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අමුතු දෙයක් කර නොමැති අතර සිදුකළේ ගෙවීමට ඇති ණය 2028 දක්වා කල් දැමීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව රටක් ලෙස ගොඩ යාමට නම ඇත්තේ වසර තුනක කාලයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

විදේශ සහය ඇති බව පැවසුවද තවමත් විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්ද රජයට එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී තිබෙන බව ඔහු අවධාරණය කරයි.

”රනිල් මහත්තයා අමුතු යමක් කළේ නෑ. එතුමා කළේ දේශීය රුපියල් ණය මේ අවුරුද්ද ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ටික දැම්මා 2028 ට. 2027 දි එකපාර ගෙවන්න වෙනවා මේ ණය. එදා බලයේ ඉන්න ආණ්ඩුවට ගෙවා ගන්න බැරි වුණොත් ඒ ආණ්ඩුව බංකොලොත් වෙනවා. ආයෙම අර අප්‍රේල් දොළොස් වෙනිදා වගේ බංකොලොත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අවුරුදු තුනයි අපිට තියෙන්නේ. මේ පළවෙනි අවුරුද්ද දෙදාස් විසි හතර අවුරුද්ද. මේ ගැන ජනතාව දැනුවත් කරලා ජනතාවගේ වරම දිනා ගන්න අවුරුද්ද. ඊළඟ අවුරුදු තුනේ මේ රට ණය ගෙවන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් බවට පත් කරගන්නා අවුරුදු තුනක් විය යුතුයි. අන්න ඒ වැඩපිළිවෙළ තමයි අපි හදලා තියෙන්නේ.

විදේශ ණය සම්බන්ධයෙන් තාම ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා එකඟතාවයක් හදාගන්න. චීනෙත් එක්ක එකඟ වුණා කියනවා අහවල් තැන එකඟ වුණා කියනවා. නමුත් තාම එකඟතාවයක් ඇතිවෙලා නෑ. මතක තියාගන්න ඒ එකඟතාවයක් ඇතිවුනොත් අපට වෙනවා ණය ගෙවන්න පටන් ගන්න. ඒ අනුව මේ සීමා සහිත අද අපේ තියෙන සංචිත ප්‍රමාණය නැවත දියවෙන්න පටන් ගන්නවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපිට එකඟතාවයක් ඇති කරගන්න බැරි වුණොත් අපේ ණය හිමියොත් එක්ක අපටත් අර සැම්බියාවට ආවා වගේ අඳුරු අගාධයකට ලෙබනනය ග්‍රීසිය ගිය පාරට යන්න වෙනවා ලබන අවුරුද්දේ ඉඳන්. ඒක නිසා ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසීය වගේ වැඩක් තමයි තියෙන්නේ. ණය ගෙව්වේ ගෙවන්න ලෑස්ති වුණත් අමාරුවේ වැටෙනවා. ණය ගෙවන්න ගෙවීමේ එකඟතාවයක් හදාගන්න බැරි වුණත් අමාරුයි වැඩේ. මේ තත්ත්වේ තමයි අපේ රට ඉදිරියේ තියෙන්නේ. හැබැයි මේ බැරෑරුම් තත්වය ගැන හිතන් නැතුව ලෝක බැංකුව අපිට අච්චර ආධාර කරනවා. ආසියානු සංවර්ධන බැංකුව මෙහෙම උදව් කරනවා. ඇමරිකාව අපිට මෙහෙම කියනවා. ඉන්දියාව මෙහෙම චීනයෙන් සුබපැතුම් එනවා කිය කිය අපි ඉස්සරහට යනවා. තාම එවැනි එකඟතාවයක් නෑ.

ඒ වගේම අපි කතා නොකරන ඛේදවාචකය සමාජය කොච්චර ණය වෙලා තියනවද? මිනිස්සු බැංකුවලට කොච්චර ණය වෙලා තියනවද? තමන්ගේ රත්තරන් බඩු කොච්චර උකස් කරලා තියනවද? දරුවෝ පිටරට යවන්න දේපල කොච්චර විකුණලා තියෙනවද? බලන්න මේ සමාජයත් කෝටි ප්‍රකෝටි ගණනින් මේ කාලේ ණය වෙලා තියනවා. මේ අවුරුද්දකට ආසන්න කාලයකට වැඩි කාලයක් මිනිස්සු තමන් ඉතුරු කරගෙන තිබිච්ච චූටි චූටි දේවල්, රත්තරන් බඩු ටික, දේපල ටික විකුණ විකුණ තමයි මේ ගමන ආවේ. දැන් ඒ ගමන තවදුරටත් යන්න බැරි තත්වෙට රාජ්‍ය සේවකයා පුද්ගලික අංශයේ සේවකයා රැකියා විරහිත පුද්ගලයා, ගොවියා, මේ හැම කෙනාම අද පත්වෙලා හමාරයි. ඒ නිසා මේ දැවැන්ත සමාජ ණය පිළිබඳ බර පිළිබඳ ප්‍රශ්නය අද මේ සමාජයේ හිස මත කඩා වැටිලා තියෙනවා. ඒකට විසඳුමක් රටට අවශ්‍යයි.

මහ බැංකු අධිපතිතුමාට සම්මානයකුත් ලැබුණා මේ ගැන. මොකක්ද? රටේ උද්ධමනය අඩු කළා කියලා. උද්ධමනය කියන්නේ මොකක්ද? බඩු මිල වැඩිවීමේ සීඝ්‍රතාවය. මේ ගැන හොඳ උත්තරයක් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිතුමෙක් දීලා තියෙනවා විජයවර්ධන මහත්තයා. එතුමා පෙන්නලා දීලා තියෙනවා. 2021 ජනවාරි මාසෙදි හතර දෙනෙක්ගෙන් යුතු පවුලක් නඩත්තු වෙන්න අවශ්‍ය වුණේ රුපියල් 5728 යි හතර දෙනෙක්ගෙන් යුතු පවුලක් නඩත්තු වෙන්නේ. දැන් කීයද? 2023 සැප්තැම්බර් මාසෙදී මේක 103231 යි. 103% කින් අද වැඩිවෙලා තියෙනවා. හතර දෙනෙක්ගෙන් යුතු පවුලකට අවම ජීවිතය ගෙනියන්න රුපියල් ලක්ෂයක් ඕනේ මාසෙකට. ඕක තමයි එතුමා කියන්නේ. එහෙම නම් මේ බඩු මිල වැඩිවීමේ සීඝ්‍රතවය නම් අනේ දශම අටයි එකයි කියලා අඩුවෙලා තියෙනවා. හැබැයි බඩු මිල අඩු වෙලා නෑ. රුපියල් අසූවට තිබිච්ච පාන්පිටි කිලෝ හැත්තෑ පහට තිබිච්ච හාල් සේරුව නේද? මේවා ඔක්කොම අද රුපියල් දෙසීයේ සීමාවට ගිහිල්ලා තියෙනවා. බඩු මිල අඩුවෙලා නෑ. ඇයි?

අද විදුලිය 20%කින් පාවිච්චිය අඩුයි. අපේ අර ආර්ථික මහාචාර්ය කෙනෙක් කියලා ඉන්න මහාචාර්යවරයෙක් කියලා තියෙනවා නිවාගන්නලු එතකොට විදුලි බිල් ගෙවන එකේ ප්‍රශ්නයක් නෑ. නිවාගන්න. අද තෙල් 40%කින් අඩුයි පාවිච්චිය ගෑස් 60%කින් අඩුයි පාවිච්චිය දෙවේල කාපු මිනිස්සු අද තනි වේලට තුන්වේල කාපු මිනිස්සු අද දෙවේලට වැටිලා තියෙනවා වැඩිය ඕන්නෑ දාන මාන ප්‍රශ්න නිසා මේ සිංහල බෞද්ධ නායකයා ගිහිල්ලා උඩ දාගෙන ගිය මිනිහව බලයට ගෙන ඒමේ ප්‍රතිඵලයක් හැටියට ගිය අවුරුද්දේ විතරක් 1890 ක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවුරු ඇර දාලා ගිහින් තියෙනවා. බෞද්ධ භික්ෂුවට අද ගෙදර යන්න වෙලා තියෙනවා සිංහල බෞද්ධ නායකයෙක් කියලා තක්කඩි පවුලක් ගෙනල්ලා රජ කිරීමේ ප්‍රතිවිපාකය හැටියට.”යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan