*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

අයවැයෙන් සියලුම රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක්!

කොළඹ LNW:එළඹෙන 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාව හරහා සියලුම රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් සිදුකිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

මේ බව ඊයේ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි කියවුණේ.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුපද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇති අතර ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීමක් සිදුකරමින් සිටින බවත් ඔහු සඳහන් කර ඇත.

දිනෙන් දින ඉහළ යන බඩු මිල හමුවේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද එහිදී ජනාධිපතිවරයා පවසා ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඊයේ දින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති කෑම පැයේ දිවයින පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේ අයවැයෙන් රජයේ සේවකයින්ට රු. 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමිනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan