ලෝක කුසලානය සිව් දින සංචාරයක

Date:

ලෝක කුසලානය සමඟ ජයග්‍රාහී ස්ප්‍රින්ග්බොක්ස් කණ්ඩායම දකුණු අපිකාවේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් එළැඹෙන බ්‍රහස්පතින්දා සිට සංචාරයක් අරඹනු ඇතැයි දකුණු අප්‍රිකානු රගර් සභාපති මාර්ක් ඇලෙක්සැන්ඩර් පවසනවා.

වැඩිම ජනගහනයක් සහිත කේප් ටවුන්, ඩර්බන්, ජොහැන්නස්බර්ග්, සොවෙටෝ සහ ප්‍රිටෝරියා නගර මෙහිදී ප්‍රධාන වශයෙන් ආනරණය වනු ඇතැයි අපේක්ෂා කරන අතර දකුණු අප්‍රිකාවේ කළු සුදු සියලු මිනිසුන් එක්ව ලෝකය ජය ගැනීමේ ශක්‍යතාවය තහවුරු කර ගත හැකි බවට වන ප්‍රකාශය සහතික කළ දකුණු අප්‍රිකානු ජයග්‍රහණයෙන් පසුව කණ්ඩායමට සමීප වීමේ අවස්ථාව දීමේදී කළු රග්බි ක්‍රීඩාවේ ඉතිහාසය, සංවර්ධනය සහ අනාගතය සළකා නැගෙනහිර කේප් හී බෆලෝ සිටි ජනතාවට වැඩි ඉඩක් සැළසීමට ගෙන ඇති තීරණය සාමූහික දකුණු අප්‍රිකාවක වැදගත්කම අමතක කළ බවක් පෙනෙන්නට තිබෙනවා.එය නෙල්සන් මැන්ඩේලා බේ වෙත අවධානය යොමු කිරීමට වඩා වැදගත් වූයේ කෙසේද යන්නත් මේ වන විට සාකච්ඡාවට බඳුන් වි තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකළත් විශාල උත්සවයක් එහි පැවත්වීමේ අපේක්ෂාවක් ඇති බව ද දකුණු අප්‍රිකානු සභාපතිවරයා පවසනවා.ඔහු සති 21 ක කාලයක් පුරා දකුනු අප්‍රිකානු ජනතාව සෑම තරගයක් වටාම මිලියන ගණනින් එක්ව දුන් ආශිර්වාදයට ගරු කරන බව පවසා තිබෙනවා.එසේම කාලය තුළ රට වෙනුවෙන් දැරූ වෙහෙසෙන් මිදී විවේක සුවය විඳ යථා තත්ත්වයට ඒමට ක්‍රීඩකයන්ට ඇති අවශ්‍යයතාවයද පෙන්වා දෙන සභාපතිවරයා ඉනික්බිති තවත් වසර හතරකින් එළැඹෙන ලෝක කුසලානය වෙනුවෙන් විය යුතු සූදානම ගැන ද අදහස් පළ කර තිබෙනවා.

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම අද දිනයේ දකුණු අප්‍රිකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතව තිබෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...