ඇෆ්ගනිස්ථාන් කාන්තාවන් සඳහටම නිහඬ වෙයිද?

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තලෙයිබාන් සංවිධානය විසින් කාන්තා නිදහස තවදුරටත් සීමා කරමින් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ අයිතීන් සීමා කරමින් නව නීති පනවා තිබෙන අතර, තලෙයිබාන් නව නීති අනුව ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තවත් කාන්තාවකට ශ්‍රවණය වන ආකාරයෙන් තම හඩ උස්කමින් කතා කිරීමට හැකියාව ලැබෙන්නේ නැති බව වාර්තා වේ.

තලෙයිබාන් සංවිධානය පවසන්නේ, ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානයන් හිදී කාන්තාවන්ගේ කඩහඩ තවත් කාන්තාවකට ශ්‍රවණය නොවිය යුතු බවයි.

එමෙන්ම ඇෆ්ගන් කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ තම ආගම කියවීම හා යාඥා කියවීම ද නව නීති අනුව තහනම් වනවා. කාන්තාවන්ගේ කටහඩ අවුරා ලෙස සලකනු ලබන අතර එයින් අදහස් වන්නේ එම හඩ ආවරණය කළ යුතු හා අනෙකුත් කාන්තාවන්ට පවා ප්‍රසිද්ධියේ ශ්‍රවණය කිරීමට නොහැකි බවයි.

මීට පෙර ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙකුට ශ්‍රවණය වන ආකාරයෙන් කතා කිරීමට නොහැකි බවට නීති පනවා ඇති අතර, මේ අතර ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය සේවකයින්ට පිරිමි රෝගියෙකුට ප්‍රතිකාර කිරීම තහනම් කරමින් නව නීති පනවා තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...