මහින්දගේ ආරක්ෂාව අඩු කර නැහැ.ජනාධිපති හිමිකම් පනතට අනුව ප්‍රතිලාභ දී තිබෙන්නේ – ජනාධිපති මාධ්‍ය අංශය

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මඟින් ප්‍රතිලාභ ලබාදී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දැනට වාහන තුනක් (Mercedes Benz-600 maybatch (B/P) car 2008, Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013)මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර එම වාහන තුන සඳහා රියදුරන් තිදෙනෙක්ද නිදහස් කර ඇති බවත් ඉන්ධන දීමනාව ලෙස ලීටර 1950ක් ලබා දෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ආරක්ෂාව සැපයීම සිදුකරන අතර දැනට සේවයේ නියුතු යුද හමුදා හා නාවික හමුදා සෙබළුන්ට අමතරව පොලිස් නිලධාරීන්ද 180ක් යොදවා තිබෙන බව සඳහන්. ඒ අතර පොලිස් රියදුරන් 29ක් සිටින බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් පත්කර ඇති බවත් එහි නිර්දේශ අනුව ඉදිරි තීරණ ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...