විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයෙක්!

Date:

කොළඹ LNW:විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම පත් කිරීම සිදුකර ඇති අතර ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 :1 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ගෝලීය ආයෝජන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් හනීෆ් යූසුෆ් මහතා සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක් වූ දිගුකාලීන දායකත්වය සැලකිල්ලට ගනිමින් රජයේ ආර්ථික පුනර්ජීවනය සඳහා වන වැඩපිළිවෙළට දායක වීමට ඔහුට ඇති හැකියාව අගයමින් මෙම පත්වීම සිදු කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර ආයෝජකයින් සහ උපායමාර්ගික හවුල්කරුවන් සමඟ ඉහළ මට්ටමේ සංවාදයකට පහසුකම් සැලසීම, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සහ විදේශ සෘජු ආයෝජන මෙරටට කැඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම, ප්‍රමුඛ ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ඒවා වර්ධනය කර ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය , වරාය නගර කොමිසම සහ අදාළ රේඛීය අමාත්‍යාංශ සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම ඔහු වෙත පැවරී ඇති වගකීම් වේ.

රට තුළ තිරසාර විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීමටත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමටත් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මේ තුළින් අපේක්ෂා කරන අතර හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට අමතරව ගරු සේවයක් ලෙස මෙම ධුරයේ කටයුතු කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...