“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW:

ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන් වූ විශේෂ අක්ශි සායනයක් අද (01) පෙරවරුවේ ජාතික අක්ශි රෝහලේදී පැවැත්වුණි.

එම ඉතාමත් වැදගත් වූ අක්ෂි සායනයේ ආරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ජාතික අක්ශි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, අක්ෂි විශේෂඥ සංගමයේ සභාපති කුසුම් රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් මෙහිදී ජනමාධ්‍යවේදීන් අමතනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික අක්ශි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා,

මේ රෝහලේ කාර්‍යභාරය එළියට පෙනෙන්නේ අපේ රෝගීන්ට ලැබෙන ප්‍රථිපල අනුවයි.ඒ ප්‍රථිපල සාර්ථක වෙන්න නම් , ජාතික අක්ශි රෝහලේ කෙරෙන ප්‍රථිකාර ප්‍රමාණය දිනෙන් දින වැඩිවිය යුතුයි. මේ ප්‍රථිකාර අතර ප්‍රධානම ප්‍රථිකාරය තමයි ශල්‍යකර්ම. ඒ පථිකාර කිරීමට අක්ෂි ශල්‍ය විශේෂඥවරු හා නිර්වින්දන විශේෂඥවරුන් කණ්ඩායම ඔවුන්ගේ කාර්‍යභාරය මනාව ඉෂ්ඨ කරනතෙක් තමයි අපට හැකිවන්නේ, අක්ශි රෝහල මෙපමණ සාර්ථක අයුරින් රෝගීන්ට ප්‍රථිකර කරවා යැයි පෙන්වීමට, ඉනිසා අද දවසේ සාමාන්‍ය ලෙස ශල්‍යකර්ම කෙරෙන අතරතුරම අක්ෂි ශල්‍ය විශේෂඥවරු කිහිපදෙනෙක්ම මෙම අවස්ථාවට ඉතා ඕනෑකමින් සහභාගී වුණා.එතුමන්ලා නොවන්නට මෙම රෝහලේ වැඩ පෙන්වන්නට බැහැ, ඔබගේ පැනමිණීම ඉතාමත් වැදගත්, ජනමාධ්‍යවේදී මිතුරනි,අද දවසේ ඔබට ඇස් කණ්නාඩි ලබාදීම සඳහා අපිට උදවු කරන පෞද්ගලික අංශයක් ඉන්නවා, ඒ තමයි මිහිර වික්‍රමාඅරච්චි දෘෂ්ඨි සංවිධානය. ඔවුන්ගේ පෞද්ගලික ඉල්ලීම මත ඔබට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමට සූදානමින් ඉන්නවා, ඒ වගේම අද දවස සාර්ථක කර ගැනීමට ජනමාධ්‍යවේදීන් ලෙස ඔබේ පැමිනීම ඉතා වැදගත්, එනිසාමයි අද මෙම කාර්‍ය සාර්ථක කරගන්නට හැකිවුණේ ,ලොකු කණ්ඩායමක් පැමිණ සිටීම අපට සතුටක්, තිබෙන පහසුකම් සමඟින් අපේ උපරිම සේවය ලබාදීමට අද දවසේ අප බලාපොරොත්තු වෙනවා “


තවද මෙම සායනයේදී, මාධ්‍යවේදීන්ගේ FBS දියවැඩියාව පරික්ශාව, රුධිර පීඩනය පරික්ශා කිරීම, ඇස් පරීක්ෂා කිරීම හා ඇස් කන්නාඩි නොමිලේ ලබාදීම ඇතුළු කටයුතු රැසක් සිදුකෙරුණි.

සභාව ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,..

” මාධ්‍යවේදීන්ට හොඳ ඇසක් තිබිය යුතුයි, අපි හිතනවා සියලුම මාධ්‍යවේදීන්ට හොඳ ඇසක් තිබෙනව කියලා.මේ කියන්නේ ඇසේ පෙනීම ගැනම නොවෙයි, ඇස කියන්නේ අපි විවිධ දේට පාවිච්චි කරනවා, ඒ කියන්නේ අපේ දැනුම,අපේ පරිකල්පනයාපේ දැක්ම මේ හැමදේකටම අපේ ඇස භාවිතා කරනවා, නමුත් ඒ දැක්මට අමතරව අපි හැමපුද්ගලයකු වශයෙන් අපට දෘෂ්ඨිය තිබිය යුතුයි. එනිසයි අද දවසේ මෙවැනි සායනයක් පවත්වන්නේ,මේ සඳහා ජාතික අක්ෂි රෝහල සහ අක්ෂි විශේෂඥ සංහමය මෙයට දායකත්වය සපයනවා, මේ අනුව විශේෂයෙන්ම රෝහල් සම්භන්ධව සායන සැලකියයුතු සංඛ්‍යාවක් කර තිබෙනව, ඒ අනුව එක් සායනයක් මාතර රෝහලේත් සිදු කලා. මන්ද අන්ධභාවය යනු විශාල ගැටළුවක්…

තවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අන්ධභාවයට මුලික හේතුව වන ඇසේ සුද ඉවත් කිරීමට විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවයි.

මෙහිදී අදහස් දැක්වූ , අක්ෂි විශේෂඥ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ කුසුම් රත්නායක මහතා,

” අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සහ අක්ෂි වෛද්‍ය ක්ෂේත්‍රය අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍ර සමග සසඳන කළ සාමාජීය සහභාගීත්වය අතිශය වැඩියි,. උදාරණයක් ලෙස අක්ෂි කාච දැමීමේ වඩසටහන් , දියවැඩියාව ග්ලූකෝමා,දෘඨ්හි දෝෂ සම්භන්ධ වැඩසටහන් වසර පුරාමසංගමයක් ලෙස ක්‍රියාත්මක කරන අතර, නව රෝහීන් හඳුනා ගැනීම , එම රෝගීන් දැනුවත් කිරීම සහ එම රෝගීන් නිරන්තරයෙන් ප්‍රතිකාර වලට යොමු කිරීම සම්භන්ධව වැඩසටහන් අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය වසර පුරාම ක්‍රියාත්මක කරනවා එසේම 80% ක් පමන අක්ෂි රෝග සුව් කිරීමට හෝ ප්‍රථිකාර කිරීමට හැකි තත්ත්වයන් බව, උදාහරණයක් ලෙස ඇසේ සුද , ග්ලූකෝමා රෝග තත්ත්ව, දියවැඩියා සම්භන්ධ අක්ෂි රෝග,වර්තන ආභාධ, එසේම ඇසට සම්භන්ධ හදිසි අනතුරු, මෙම සියලුම රොග තත්ත්වයන් ඉතාමත් මූලික අවධියේ සොයාගනීම,නොකඩවා නිවැරදි ප්‍රථිකාර කර ගැනීම මඟින් සුව කිරීමට හෝ පාලන කිරීමට හැකියි, මේ සඳහා සමාජය දැනුවත් කිරීම වසර පුරා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සහ ජාතික අක්ෂි රෝහල එක්ව වැඩසටහන් ක්‍රියාත්මක වන අතර අතර, ඒ සඳහා ඔබ මාධ්‍ය ආයත වල නොමද සහයක් ලැබෙනවා , ඒ සඳහා මා ස්තූති කරනවා ඔබට. මන්ද අක්ෂි රෝග පිලිබඳ කතාව ඉතාමත් සංවේදී මාතෘකාවක් වෙන නිසා. එනිසා ඔබ තොරතුරු වර්තා කිරීමේදී සත්‍ය තොරතුරු නිවැරදි දත්ත පදනම්ව වාර්තා කරන්නැයි මා ඉල්ලා සිටිනවා. එහි සත්‍ය දත්ත ඔබට අප ව්ද්‍යාතනය මඟින් ලබා ගත හැකියි, මේවන විට අපි අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය මඟින් නොමිලේ අක්ෂි කාච 2200ක් පමණ මේ වසරේ මාස 7,8 තුළ රෝගීන්ට සැත්ම මඟින් ලබාදීම සිදු කළා, මේ මාසය තුළද අපි 1000කට ආසන්න කාච ප්‍රමාණයක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා , තවද අප විසින් මහියන්ගනය මූලික කරගනිමින් නොවැම්බර් 14 සහ 15 යන දිනවල කාච දැමීමේ ශල්‍ය කර්ම 500ක් පමණැ කිරීමටදසූදානම් වනවා,එලෙසම 21 සහ 27 දින වලවිජයකුමාතුංග රෝහලේසැත්කම් 200 ත් 250 ක් අතර කිරීමට බලාපොරොත්තු වෙනවා, 28 සහ 29 දිනවල තිකුණාමල මහරෝහළේ සර්‍රජරි 200ක් පමණ කරන්නට සූදානම්. මේ සියල්ලම සිදුකරන්නේ ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත්වන ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් සහ දානපතියන් විසින් සිදු කිරීම විශේෂත්වයකි”

ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අක්ෂි රෝහල, අක්ෂි විශේෂඥ සංගමය එක්ව මෙම සායනය සංවිධානය තිබුණි.

ඔබ අප වෙනුවෙන් ලබා දුන් මෙම මහඟු සේවය වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් ලෙස බෙහෙවින්ම කෘතඥ වෙමු…!!!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...